IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උඩප්පුව ධීවර ගම්මානය මුහුදට බිලි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුව ධීවර ගම්මානය දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක් විම නිසා ධීවර වාඩි දහයකට වැඩි ප්‍රමාණයක් විනාශ වි ඇති බව ධීවරයෝ පවසති.

පසුගිය දිනවල පැවැති දරුණු මුහුදු රළ හා සුළඟ හේතුවෙන් උඩප්පුව වෙරළ තීරයේ තිබු ස්ථිර හා තාවකාලික ධීවර වාඩි 10කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඒ සමගම උඩප්පුව වෙරළ මාර්ගය දසම්පුර්ණයෙන් විනාශ වි ඇත.

ධීවරයකු වන අන්තෝනී සුසේපාලේයි මහතා මෙසේ අදහස් දක්වන්නට විය.

 “අපි දන්න කාලයකින්වත් ආපු නැති සුළඟක් වාගේම මුහුදු රළක් ආවේ. දවස් දෙකට තුනට මීටර් 20කට වැඩි ප්‍රමාණයක් එකපාරම වෙරළ කඩාගෙන ගියා හිතාගන්න බැරිවිදිහට. මේ තරම් ලොකු හානියක් අපි දන්න කාලයකින් වෙලා නැහැ. දැන් බෝට්ටුවක්  මුහුදට  දාන්නත් බැහැ. ගන්නත් බැහැ "යැයි ඔහු පැවසීය.

 මෙහිදි අදහස් දක්වමින් සිටි ධීවර කාන්තාවක් වන වී. අහල්යා මහත්මිය මෙවැන්නක් පැවසුවාය.

“ අපේ ධීවර වාඩි සේරම මුහුදට කඩලා ගියා. දැන් එවා හදාගන්න බැහැ සල්ලි තිබුණත්. මොකද දැන්  වෙරළක් ඉතිරි වෙලා නැති නිසා. දවස් දෙකට තුනට මේ සේරම විනාශ වුනා අපි දැන් අන්ත අසරණයි. මොනවා කරන්නද කියලා හිතාගන්න අමාරුයි. හෙට මුහුද සැර අඩුවුණාම කොහොම බෝට්ටුවක් දාගන්නද කියලා තමයි මේ මිනිස්සු කල්පනා කරන්නේ‘‘ යැයි ඇය කනස්සල්ලෙන් පැවසුවාය.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

 “උඩප්පුවේ සිදුවුන හානි ගැන අපේ ග්‍රාම නිළධාරි ඒ එක්කම ආපදා සහන නිලධාරීන් මට දන්වා තිබෙනවා. මම පුළුවන් තරම් ඉක්මනට මේ ධීවරයින්ට අදාල අංශ සමග කථා කරලා සහන ලබා දෙන්න කඩිනමින් කටයුතු කරනවා. ඇත්තටම ස්තුතියි මාව දැනුවත් කලාට. මම ඉක්මණට මේ පිරිස නැවත හමුවෙලා කථා කරන්නම්" යැයි ඇය පැවසුවාය.



අදහස් (1)

උඩප්පුව ධීවර ගම්මානය මුහුදට බිලි

Asanka Monday, 29 July 2019 05:46 AM

ඉපැරණි අට ලංකාව (ලිමුරියාව ) නම් වූ විශාල මහාද්වීපයක් අද ඉතිරි වී ඇති ලංකාව එහි කොටසකි , එකල වීථි දස ලක්ෂයක් , ගම්මාන ලක්ෂයක් මාලිගා දස දහසක් ගිලා බැස්ස බව කඩයිම් විත්ති පොතේ සදහන් වෙනවා. ඉදිරියටත් මේ ආකාරයෙන්ම අප රට මුහුදට සේදී යනවා ,

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site