නිමල් ජයරත්න
පොළොන්නරුව මාදුරුඔය ඉසඞ්.ඞී ප‍්‍රධාන ඇලට අද (29) අලූයම අරලගංවිල ඇල්ලේවැව ප‍්‍රදේශයෙන් වැටුන වන අලියෙකු අරලගංවිල වීරාන ප‍්‍රදේශයෙන් තනියම ගොඩවි වීරාන රක්ෂිතයට පලා ගොස් ඇති බව වෙහෙරගල වනජිවි නිලධාරීහු පැවසුහ.
ඉසඞ්.ඞී ඇලට මිට පෙර වන අලින් වැටුන අවස්ථාවලදි කඹ, ටයර් සහ කර ආධාරක යොදා එම අලින් ගොඩ ගැනිමට පැය ගණනාවක් තමන්ට වෙහෙස විමට සිදු වු බවත් අද දින වැටුනු මෙම වන අලියා තනියම ගොඩ ඒම විරල අවස්ථාවක් බව වෙහෙරගල වනජිවි නිලධාරින් පෙන්වා දෙති.
වසර තුනක කාලයක් තුල වන අලි 18 දෙනෙකු මෙම ඉසඞී.ඞී ඇලට වැටි ඇති බවත් ගත වු සති දෙකක කාලය තුල මෙම අලියාද සමග වන අලින් හතර දෙනෙකු වැටි ඇත.
මෙම ඇලට මේ වන විට වැටි ඇති වන අලි 58 දෙනාගෙන් තනියම ගොඩ ආ දෙවන අලියා මෙය බවද වෙහෙරගල අඩවි ආරක්ෂක යු.ඞී.ජේ.පි.එම්. ආරියසිංහ මහතා සදහන් කලේය.
අද දින වැටුන වන අලියාගේ වයස අවුරුදු 25 ක පමණ වන බවත් මෙලෙස ඇලට වැටිමට ප‍්‍රධාන හේතුව වන්නේ මේ දිනවල පවතින දැඩි නියං තත්වය හේතුවෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වන අලි ආහාර සහ ජලය සොයා ගම් වැදිම බවද ආරියසිංහ මහතා සදහන් කලේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉසෙඩ්-ඩී ඇළට වැටුණු තනියා තනියම ගොඩඑයි
ravi Wednesday, 29 April 2020 08:00 AM
හරිම ලස්සන පින්තුර...
KrisWednesday, 29 April 2020 12:50 PM
රව් ඔබ මේ ඇලට වැටුණ අලියාගේ ලස්සන විතරද දුටුවේ .? ඌ තමන්ගේ උට්ඨාන විරියෙන් කාගෙවත් උදව් උපකාරයක් නොමැතිව තනිවම ගොඩ උන එක අපටත් ආදර්ශයක් නොවේද? උත්සාහවන්තයා ජය ගනී කියන එක අපට පමනක් නොව එයාලාටත් පොදුයි.
පුජා Wednesday, 29 April 2020 08:53 AM
"මම මොකටද කාටවත් කරදර කරන්නේ " කියල හිතල ස්වෝත්සාහයෙන් ,ගොඩ උන අසරණයෙක්. පව්.
maheshika Wednesday, 29 April 2020 09:00 AM
ඇඳිරි නිතීය නිසා අලියා කරදරයක් නැතුව ගොඩ ගිය. ඇඳිරි නීතිය නොතිබුනානම් අලියා ගොඩ එන හැටි බලන්න එන මිනිස්සු නිසා අලියට ඕන දේ කරන්න බැරි වෙනවා. අලියා ස්වාධීනව තීරණය කරලා ගොඩ ගිය. ඇදිරි නීතියට පින් සිද්ධවෙන්න අලියා ගොඩ...
AjithD.L Wednesday, 29 April 2020 01:41 PM
Z -D ඇළ වගෙ තවත් ඇළක් දියවන්නාව අසලින් කපන්න... බොහොම වටිනවා...
leegunawardena Wednesday, 29 April 2020 05:34 PM
මෙ අපේ වන සම්පත මෙවැනි සතුන් පමණක් නොව සෑම සතෙකුටම වතුරට වැටෙන වෙලාවක අනතුරක් නොවී ගොඩ ඒමට ක‍්‍රමවෙදයක් සකස් කළ යුතු බව කාරුණිකව දැනුම් දෙමි.
kumarageThursday, 30 April 2020 04:47 AM
අපේ පැරණි මුතුන් මිත්තෝ වැව් බදින්න තරම් ශූර උනා. ඒ වැව් වලට වැටිලා එක අලියෙක් මලාද ? දැන් මේ වැව් Z D ඇළ වගේ එකක් බදිද්දී මේ කාලේ ඉංජිනේරුවන්ට ඇයි බැරි උනේ පඩි පේලි ටිකක් බදින්න. එහෙම කළානම් වනජීවී එකේ අයට ඔච්චර නහින්න ඕනෙද ? ඇයි දැන්වත් ඒ වැඩේ කරන්න බැරි..??
ලුම්බිණි Thursday, 30 April 2020 12:56 AM
මේ ඇල නිර්මාණය කරපු අයට සම්මාන දෙන්න වටිනවා.
jaya Thursday, 30 April 2020 05:14 AM
හොද අලියෙක්.
Samitha Senaka Aluthgamage. Thursday, 30 April 2020 11:09 AM
" වනේ සිටින අලියෙකු වී උපන් මට .... මිනිස් අලි කුමට මට අත් උදව්වට .... ජල කඳ බිඳන් නොබියව යන්නෙමි පෙරට .... රැගෙන එඩිය යන්නෙමි මම ජය ටඹට ....
Samitha Senaka Aluthgamage. Thursday, 30 April 2020 03:23 PM
" වනයේ සිටින අලියෙකු වී උපන් මට .... වෙනත් අලි කුමට මට අත් උදව්වට.... මහ ජල කඳට නොබියව යන්නෙමි පෙරට ...
ගමරාල Friday, 01 May 2020 12:48 AM
කොරෝනාවෙන් ලෝකයම කොරවී සිටිනවිට මෙම අලියා අප රටේ වැසියාටත් පාලක කාරකාදීන්ටත් කියා ඇත්තේ ලෝකය ඉදිරියේ අප රටටත් තනිව ගොඩයන්න කියලද හිතෙනවා...