(වන්නි රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චියේ විශාලතම ජලාශය වූ ඉරණමඩු ජලාශය වාන් දැමීමත් සමග පහත්බිම් රැසක් වාන් ජලයෙන් යටවීම හේතුවෙන් විපතට පත් ජනතාව යුද හමුදාව විසින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගෙන ඇත.
ඉරණමඩු ජලාශය ප්‍රතිශංසක්රණය කිරීමෙන් පසුව මේ වනවිට වැවේ ජල මට්ටම අඩි 34 අඟලක් දක්වා වැඩි වී තිබෙන අතරම ඊයේ (06) දින දොරටු 4ක් විවෘත කළද අද (07) උදෑසන වනවිට වාන් දොරටු 10ක්ම විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.
ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කිරීමත් සමග පහත් බිම් රැසක් වාන් ජලයෙන් යටවී ඇති අතරම නිවෙස් යටවී විපතට පත් ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් දිවා රාත්‍රී 24 පැයේම සිදු කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් විපතට පත් වැසියන් බේරාගැනීම් සඳහා යොමු කොට ඇති අතර එම වැසියන් කිලිනොච්චියේ පිහිටි පාසල් හා පොදු ස්ථාන වෙතට රැගෙන විත් පිසූ ආහාර ලබා දීමටද යුද හමුදාව විසින් කටයුතු කොට ඇත.







2025 ඔක්තෝබර් මස 08
1899
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරණමඩු ජලාශය වාන් දමයි
Lankarathna Saturday, 07 December 2019 12:26 PM
ඔවුන්ට ඉදිරි දෙකන්නයේ වගාවට ඇති තරම් වතුර ලැබීම අති මහත් සතුටකි. ජයවේවා..!!!