IMG-LOGO

ඉපැරණි මිතුදමක නොමැකුණ මතකය

අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්ජා"තික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණේය.

ජනපති හමුවට පැමිණියේ පැසුණු හිසින් යුත් අමුත්තෙකි. දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු  මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික  ගුරුවරයකුද වූ ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු ද වූ පානදුර මාලමුල්ලේ ජී.ජයසේන පිරිස් මහතාය.

60 දශකයේ ගුරුවරයෙකු  ලෙස පත්වීම් ලැබ  පොළොන්නරුව ඇතුමල්පිටිය පාසලේ සේවයට ගොස් සිටි අවදියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිටියේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන  මහතාය. ඔවුන් අතර මිතුදම කොතෙක් ගැඹුරු වීද යත්  ජයසේන මහතාගේ විවාහයේ දෙවැනි මනාලයා ලෙස එක්වුයේ ද මේ උසස් පෙළ සිසුවාය. තම දුෂ්කර ගුරු සේවයේ වෙහෙස පවස නිවා ගන්නට නොනිම් සිසිලක් වු තම ගම්බද සගයා අද රටේ ජනාධිපති ධූරය හෙබවූව ද ඔහු ඉදිරියේ ජයසේන පීරිස් මහතාට අදත් දැනුණේ ඒ අතීත ලෙංගතුකමමය. 

 



අදහස් (7)

ඉපැරණි මිතුදමක නොමැකුණ මතකය

lalith Wednesday, 19 July 2017 12:54 PM

බලපුවාම තේරෙනවා නේද රටේ මාස් පඩියෙන් එදා වේල සරිකර ගන්න. සාමාන්‍ය ජනතාවගේ සහ ජනතා මුදලින් දිව්‍ය භෝජන වළඳන දේශපාලකයන්ගේත් පෝෂණයේ වෙනස? එකම වයසේ දෙන්න වෙලත්? අර ගිරා පෝතක කතා වස්තුව මතක්වෙනවා.

:       621       125

raveendraWednesday, 19 July 2017 02:17 PM

ඔබගේ අදහස සම්පුර්ණ නිවැරදිය. දේශපාලකයා යනු පිනට කන්නට අතිදක්ෂයෝය.

:       370       102

සේතන් අප්පුWednesday, 19 July 2017 02:55 PM

මහත්මයාගේ සිංහල තේරුම් ගැනීම දුර්වලයි වගේ... ජී.ජයසේන පීරිස් මහත්මයා ගුරුවරයෙක් වෙලා ඉඳිද්දී ජනාධිපතිතුමා ශිෂ්‍යයෙක්. ඉතින් දෙන්නම එකම වයසේ වෙන්න බෑනේ නේද? හැමදේම වැරැද්දක්ම හොයන්න හදන්නේ ඇයි අපේ අය?

:       130       542

jim kuruWednesday, 19 July 2017 04:06 PM

ලලිත් ඔලුවට තෙල් ටිකක් දාගෙන මොලේ ටිකක් පාදගන්න ,මෙවැනි මෝඩ අදහස් ලියන්න එපා

:       78       444

ChandimaWednesday, 19 July 2017 08:17 PM

ලලිත්, ලනුව බුරුල් කරපු පලියට හතර අතේ ඇනගෙන ඇනගෙන යන්න එපා.

:       0       1

පොඩි එකා Wednesday, 19 July 2017 11:58 PM

සිප් කිරි පෙව් මූසිලයින් උඩුමහලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

:       1       1

shyamali Thursday, 20 July 2017 04:20 AM

එයාලගේ පරණ යාළුකම ඔයාලා ප්‍රශ්නයක් කර ගන්න එපා, මොකද ඊට වඩා ප්‍රශ්න තියෙන රටක තමා අපි ජිවත් වෙන්නේ, හොද දේ හොද හැටියටත් නරක දේ නරක හැටියටත් තේරුම් අරන් ජිවත් වෙන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 186 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site