‘ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම’ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (11) ආරම්භ කෙරිණි. ඉන්දීය සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය භාවිත කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් සහ ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
මෙම සමුළුව සඳහා විපක්ෂනායක ආර්. සම්බන්ධන්, කථානායක කරු ජයසූරිය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන්, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරු ද සහභාගී වූහ. සමුළුව හෙට(12) දක්වා පැවැත්වේ.
ඡායාරූප - ගයාන් අමරසේකර
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දීය සාගරය භාවිතා කරන්නන්ගේ සමුළුව ඇරඹෙයි
chamin Thursday, 11 October 2018 08:51 AM
අදාල රටවල් වලින් කවුරුවත් නැනේ...
samank Thursday, 11 October 2018 09:05 AM
හපොයි දෙයියනේ එකත් විනාශයි! අපේ අහිංසක ධීවරයන්ටත් ලගදීම මිල සුත්තරයක් එයි වගේ.
KANDEPOLA Thursday, 11 October 2018 09:14 AM
සමුළු, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, විදේශ සංචාර, ගිවිසුම් වලින් නම් අඩුවක් නෑ. හැබැයි ජනතාව යන්නේ හොම්බෙන්.
dhammika perera Thursday, 11 October 2018 05:29 PM
ඉතාම කාලෝචිත පියවරක්. හුඟක් කලින් කරන්න තිබුණ දෙයක්.
akila Friday, 12 October 2018 01:21 AM
අගමැතිතුමාගේ තවත් සංකල්පයක් වගේ. මෙම සමුළුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නේ නැහැ. හැබැයි මෙම ආරම්භක සමුළුවට පස්සේ ඕකේ ආයේ කිසිම දෙයක් වෙන එකක් නැහැ , එක විශ්වාසයි
neela Friday, 12 October 2018 02:56 AM
ඔස්ට්‍රේලියාව ඉන්නවද? ඔස්ට්‍රේලියාව තමයි ඉන්දියන් සාගරය ඉතාමත්ම කාර්යක්ෂම විදියට පාවිච්චි කරන්නේ.
sanka Friday, 12 October 2018 05:55 AM
හැමදාම වෙන දේම තමා මෙතනත් වුනේ. අනවශ්‍ය අය ගේන්න ගත්තා
ruchi Friday, 12 October 2018 11:01 AM
කෝ බලපිටිය, අම්බලන්ගොඩ පැත්තෙන් කවුරුවත් නැහැනේ. ඉන්දීය සාගරය භාවිතා කරනවනේ උදේ පාන්දරට...