
(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය.
ඩෝනියර් වර්ගයේ මෙම ගුවන් යානය මගින් ඉලෙක්ට්‍රොනික යුද මෙහෙයුම් , සමුද්‍ර නිරීක්ෂණ කටයුතු සහ ආපදා සහන කටයුතු සදහා යොදා ගැනීමට හැකියාව පවතින අතර ටර්බෝ ප්‍රොප් එන්ජින් දෙකකින් බලගන්වා තිබේ.
මෙම ගුවන් යානයට කෙටි ගුවන් ගත කිරීම් මෙන්ම හදිසි ගොඩ බැස්සවීම් කටයුතුවලද නිරත විය හැකිය.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට බාර ගැනීමේ උත්සවය සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න , යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ සහ ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් ගෝර්මඩේ , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

2025 නොවැම්බර් මස 04
412
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියන් තෑග්ග කටුනායකට
පිටිගල මිලානෝ Monday, 15 August 2022 04:16 PM
දැන් ඉතිං චීන නැටිලියි, අපේ නැටිලියි එහෙ ඉඳන්ම නරඹයි….!
mangala Monday, 15 August 2022 06:10 PM
මේකත් අර කොටි ගහද්දි වැඩනැති රේඩාර් වගේ, ඉන්දියන් මාලු කාරයෝ එනකොට වැඩ නැතුව කඩාගෙන නොවැටුනොත් හොඳයි.
asantha silva Monday, 15 August 2022 06:12 PM
චීනයෙන් මේකට අවසරයක් ගත්තද, චීනය අවුස්සා ගන්න මෝඩ වැඩ කරන්න හොඳ නැහැ
Chandima Tuesday, 16 August 2022 04:17 AM
අතින් ගානක් දීල හරි තව තව චීන නැව් ගේන්න ගත්තනම්, ගුවන් හමුදාවටම ඇතිවෙන්න යානා ගන්න තිබුණා සතයක්වත් වියදම් නොකර.
Chandima Tuesday, 16 August 2022 05:03 AM
එහේ අයින් කරන එකක් වෙන්න ඇති? හැබැයි ඉතින් කුම්බලා මාලු කෑවා වාගේ තමයි..
කමල් Tuesday, 16 August 2022 07:33 AM
කන්න ටික ඉල්ලනකොට දෙන්නේ ණයට, ඉල්ලන්නේ නැතිව ප්ලේන් නිකන් දෙනවා. මේක නම් ඉන්දියන් උගුලක්. යුධ සමයේ කිසි ආධාරයක් ඉන්දියාව ඇමරිකාව කලේ නැහැ චීනයයි පාකිස්තානයයි රුසියාවයි විතරයි අපිට උදව් කලේ. ඒවා අමතක කලොත් ගොඩක් අමාරුවෙයි .
විජේ Tuesday, 16 August 2022 10:05 AM
චීනඅඩියට ඉන්දියන් ගුග්ලියක්ද?
suga Wednesday, 17 August 2022 09:27 AM
ඉන්දියාව අපේ අවසරයක් නැතුවම ලංකාවේ තොරතුරු ගන්නවා. මේ ගුවන් යානය හා ඉන්දියාවේ දත්ත මධ්යස්ථානය අතර ජාලයක් ඇතැයි සිතිය හැක.