IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉගිණියාගල සේනානායක සමුද්‍රය 41 වසරකට පසු හිඳෙයි

 

වසන්ත චන්ද්‍රපාල

 

ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වසර තුනක සිට නියමිත අයුරින් වැසි නොලැබීම නිසා සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 34.7 දක්වා පහළ බැස තිබේ. මේ වන විට මුළු ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 31.770 කි.

මෙම සමුද්‍රයේ මුළු ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 770,000 ක් වන අතර මේ වෙන විට අක්කර අඩි 738,230 ක් ජලය අඩුවී තිබේ.

මේ හේතුව නිසා ඉදිරි මහ කන්නයේ වී වගාකිරිමේ ගැටලුවක් පවතින බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසීය.

පසුගිය යල කන්නයේ ද වතුර නොමැති නිසා අක්කර 100,000 පමණ වී වගා කිරීමේ කටයුතු නැවත්වීමට සිදුවිය.

1976 වසරේ ද මෙම ජලාශයේ ජල මට්ටම අඩි 33 දක්වා අඩුවී තිබෙන බව ගොවියෝ කියති.

ඉදිරි කාලයේදිත් වැසි නොලැබුණු හොත් කුඹුරු වගා කිරීමේ ගැටලුවක් මතුවෙන නිසා රටට වැඩිපුරම බත සපයන දිගා මඩුල්ල වී ගොවියන් රැක ගැනීම සඳහා රජය කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානයක මහතා පැවසීය.

මෙයට අමතරව එක්ගල්ඔය,අම්බලන්ඔය,පන්නල්ගම,නාමල්ඔය, ජයන්ති යන වැව් වලද ජල මට්ටම පහළ බැස තිබේ.

එම වැව් යටතේ වගා කරන කුඹුරු ප්‍රමාණය ද නියමිත අයුරින් වගාකිරිමට නොහැකි වන බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.

 



අදහස් (3)

ඉගිණියාගල සේනානායක සමුද්‍රය 41 වසරකට පසු හිඳෙයි

Cisco Sunday, 16 September 2018 05:00 PM

ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. මෙම වැවේ එකතු වූ ජලයෙන් නැගෙනහිර පළාතේ මන්ඩුර් දක්වාත් අක්කරපත්තු කෙලවරටත් කුඹුරු කිරීම සනහ ජලය ලබා දුන්නා. අප මෙහි සේවය කරන කාලයේ (1995-2001) එකම කන්නයක් ජාල හිඟ කමින් පිඩා වින්දා. එත් යල කන්නයක්. මේ මාස් කන්නයට මෙතරම් හිඳුනා කියන්නේ ඔක්තෝබර් වැසි වලින් මේ වැව පුරවගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.

:       0       42

asanka Monday, 17 September 2018 10:44 AM

දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ” “කලට වැසී වසීවා කෙත් වතු සාර වේවා ලොව සතුටු වේවා නිරිඳු සැම කල් දැහැමි වේවා”

:       0       74

Rasi Wednesday, 19 September 2018 03:43 AM

අපට මතකයි 2015 අවුරුද්දේ වී ගබඩා කරගත නොහැකිව මත්තල පවා වී ගබඩා කිරීමට යොදා ගත්ත. නමුත් පසුගිය අවුරුදු තුනට එකදු කන්නයක් වත් හරියට වගා කිරීමට හෝ අවශ්‍ය ජලය ගබඩා කර ගැනීමට නිසි පරිදි වැසි ලැබුනේ නැහැ. කුමක් හෝ පාරිසරික විපර්යාසයකට රටේ දේශගුණය පත්වෙමින් තිබෙන බව නම් නිසැකයි. නමුත් රට ඒ සදහා සුදානම් කිරීමේ සහ ජනතාව දැනුවත් කල යුත්තන් එය කරනවද යන්න නම් සැක සහිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site