(කීර්ති ප්‍රනාන්දු,ටෝනි කරුණානායක, ශාන්ත කුලරත්න,චන්ද්‍රසිරි ගුණසේකර,නවරත්න සමරතුංග)
වත්මන් රජයට විරෝධය දක්වමින් අද සවස දිවයිනේ නගර රැසකදී විරෝධතා පැවැත්විණි. වත්මන් ජනාධිපතිවරයා ද සහ රජය පත්කර ගැනීම සඳහා දැඩි විශ්වාසයෙන් හා කැපවීමෙන් කටයුතු කළ පිරිස් මෙසේ විරෝධතාවයට එක්ව සිටින බව එම විරෝධතාවයට එක් වී සිටි පිරිස් පැවැසීය.
විරෝධතා ව්‍යාපාරය පැවැත් වූ ස්ථානයෙන් කොළඹ කුරුණෑගල මාර්ගයේ සහ කටුනායක මහනුවර මාර්ගයේ රථ වාහන වලින් ගමන් කරමින් සිටි පිරිස් ද එම ස්ථානයේ දී සිය රථවාහන වල වේගය අඩු කර නලා නාද කරමින් එම විරෝධතා කරුවන්ට සහය දක්වන අයුරු ද දැකගන්නට හැකි විය.
මහරගම ඔරලෝසු කණුව ඉදිරිපිට පමිණි පිරිසක් විරෝධතා පුවරු, අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් ඉන්ධන මිල වැඩි වීම ඖෂධ හිඟය, ගෑස් අර්බුදය,බඩුමිල වැඩිවීම , විදුලි කප්පාදුව ඇතුළු කරුණු ගණනාවකට එරෙහිව විරෝධතාවයේ නියැලුණහ.
අම්පාරේ ගොවිජනපදවාසීහු විශාල පිරිසක් උහන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.
උහන කුමාරිගම, මල්වත්ත තිස්සපුර, සඳනදපුර, සියඹලාවැව, මායාදුන්න දඩයම්තලාව, ආදී ගොවිජනපද වල ජනතාව උද්ඝෝෂණයට එක්ව සිටියහ.
විදුලිය නැතිවීෙමන් වීමෝල්, කඩසාප්පු, කුඩා කර්මාන්ත, ප්‍රවාහන සේවා සහ කෘෂි කර්ම කටයුතු වලට දැඩි බාදා එල්ලවුන බව කියනගොවි නියෝජිතයෝ සහ ජනතාව නගරයේ පැවති පෙළපාළිය එක්ව කෑෙමාර ගැසූහ.ජාතික ජනබලෙව්ගය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
ඇල්පිටිය නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට සිට තරුණ පිරිසක් ආණ්ඩුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
සමාජ මාධ්‍ය ජාලා හරහා එකතුකරගත් මේ පිරිස පවතින තත්ත්වයට විරෝධය පළකිරීම සඳහා මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බවත් මෙම තරුණ පිරිස කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන අය බවත් මෙය සංවිධානය කළ තරුණයෙක් පැවසීය.
ඇතැම් පිරිස් ඇඳිරිනීතිය මධ්‍යයේද සාමකාමිව විරෝධතාවයේ නිතර වූ අතර පොලිසිය ප්‍රදේශයේ ආරක්ෂවට යොදවා තිබූ අතර කිසිදු බාධා කිරීමක් සිදු නොවූ බව ද අප වාර්තා කරුවෝ පවසති.
මිනුවන්ගොඩ නගරය ( කීර්ති ප්‍රනාන්දු)
අම්පරා නගරය (නවරත්න සමරතුංග)
ඇල්පිටිය නගරය (චන්ද්‍රසිරි ගුණසේකර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇඳිරිය මැද්දේ තැන තැන විරෝධයේ
කිරි පුකා Sunday, 03 April 2022 12:41 AM
ද්වේශ සහගත නොවී , පොදු දේපලවලට සහ ජීවිතවලට හානි නොකර , ආරක්ෂක හමුදා සමඟ නොගැටී කරන විරෝධයක් කළ යුතුයි .