IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවලු වලින් පිරී යයි

(කාංචන කුමාර ආරියදාස)
 
ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 50 කට අධික ප්‍රමාණයක් අද (26) ලැබීමත් සමඟ නගරයේ වාහන තදබදයක් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත  ක්‍රමවලින් ජනතාව ඉවත් වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
 
උදෑසන සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට පිහිටි ඒ 9 ප්‍රධාන මාර්ගය දෙපස එළවළු රැගෙන ආ ලොරි රථ දිගු පෝලිම් දැකගැනීමට හැකි විය.
 
ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත ද සෑම මාර්ගයක්ම එළවළු ලොරි වලින් පිරී ඉතිරී ගොස් තිබිණි.
ගොවීන් විසින් රැගෙන ආ එළවළු බොහෝමයක  ඉතා මධ්‍යස්ථව මිල  පැවති අතර ඇතැම් එළවළු ඉහළ  මිලකට අලෙවි විය.
 
තවත් එළවළු වර්ග කීපයක් ඉතා පහළ මිල ගණන් යටතේ අලෙවි වීම සිදු වූ බව වෙළෙන්දෝ පවසති.
 
මේ අතර එළවළු රැගෙන ආ සහ මිලදී ගැනීමට පැමිණි බොහෝ දෙනා ආර්ථික මධ්‍යස්ථානය තුළ සේවය කරන බොහෝ දෙනා සොඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලින් ඉවත්ව කටයුතු කරන අයුරු අද  26 උදෑසන ආර්ථික මධ්‍යස්ථානයේ දී දැක ගැනීමට හැකිවිය

විනාඩි 5කට වරක් අර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන සෞඛ්‍ය ආරක්ෂිතව සිටින ලෙස උපදෙස් ලබා දීම සිදු කරති .එමෙන්ම අත සේදීම සඳහා සබන් ජලය තබා තිබුණද ඒවා කිසිවක් බොහෝ දෙනකු අනුගමනය නොකරන අයුරුද ආර්ථික මධ්‍යස්ථාන දී දැක ගැනීමට හැකි විය.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අංශ මගින් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන සෑම අයකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදු කරදී එහෙත් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළත වීමෙන් පසු වූ බොහෝ දෙනෙකු මුඛ ආවරණ ඉවත්කරමින් මීටරය දුර පරතරය තබා ගැනීමකින් තොරව සිටින අයුරු දැකීමට හැකිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙදින වම්බටු මෑකරල් බණ්ඩක්කා කරවිල පතෝල ආදී  පහත රට එළවලු  සඳහා ඉහළ මිලක් ලැබෙන බව වෙළෙන්දෝ කියති. කැරට් කිලෝව රුපියල් 40 සිට 60 දක්වා මිලකට අලෙවි විය බෝංචි කිලෝවක් රුපියල් 200 ඉක්මවා අලෙවි වීම ද විශේෂත්වයකි  කින්නියා වලින් ලැබී තිබු මුරුංගා කිලෝව රු 125 කට අලවි විය .
 
සමස්තයක් ගත්කල ගොවියාටත් පාරිභෝගිකයාටත් මධ්‍යස්ථ මිලක එළවළු අලෙවි වන බව වෙළෙන්දෝ කියති.

දඹුල්ල නගර මධ්‍යයේ ද දැඩි වාහන තදබදයක් දැක ගැනීමට හැකි වූ අතර ඇතැම් බස් රථ වල මගින් ප්‍රමාණයට වඩා වැඩියෙන් පටවා ගෙන යන අයුරුද ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට දී දැක ගැනීමට හැකිවිය.

 

 



අදහස් (3)

ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවලු වලින් පිරී යයි

vidya Tuesday, 26 May 2020 06:04 AM

අපි කොපමණ සතුටුද මෙවැනි දසුනක් දකින්න? මින් ඉදිරියටත් මහන්සි වී වැඩකර අපර අහාර සපයන අයට දිරිය ලැබේවා! ඔවුනට සෙතක් සෑදේවා!

:       0       110

ranaTuesday, 26 May 2020 06:59 AM

ඔබට ගරු ! දැන් සිතන්න අපි සැවොම වගාව පටන් ගතහොත් මේ අය ?

:       0       1

sunil perera Tuesday, 26 May 2020 08:32 PM

මේ මහන්සිවී වැඩකරන අහිංසක අපේ ගැමි ජනතාව සොබාදමින්ම ආරක්ෂා කර දෙත්වා ...!! තෙරුවන්ගේ මහානුභාව සම්පන්න බලෙන් ඔබ සැමගේ ජීවන මග කායික මානසික සුව බව ආරක්ෂාවේවා... පනවා ඇති නීති ගැන දැනුවත් වේවා ...!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1963 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site