සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 11 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පැවැත්විණි.
උපාධි ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත උපාධි පිරිනැමීම හා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 11 හි දක්ෂතම දේශීය සහ විදේශීය නිලධාරින්ට ජය සංකේත ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුලු ආරක්ෂක අංශ ප්‍රධානීන් ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලංගු මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




2025 දෙසැම්බර් මස 18
99
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක සේවා විද්‍යාධරයෝ උපාධි ලබති
siri Wednesday, 13 December 2017 11:46 AM
කොච්චි එලවන හැටි ඉගැන්නුවේ නැද්ද?
kuma Wednesday, 13 December 2017 12:03 PM
මගේ දරුවට 5 ශිෂ්‍යත්ව ලැබුණා. විදේශ සේවා ආයතනයෙන් දින කීපයකට පෙර.. මේ වෙනකම් කිසිම මාධ්‍යයක පල වුණේ නෑ එ් වැඩසටහන. අපි රට ඉඳලා එවන සල්ලි ආණ්ඩුවට මදි නිසාද එහෙම වෙන්නේ?
JEEWA Wednesday, 13 December 2017 12:44 PM
මෙහෙ බොරුවට සම්මාන දෙනවා අනිත් පැත්තෙන් දරුණු කොටියෝ පූස් පැටව් කියලා නිදහස් කරනවා. අනේ අනිච්චං, බොරුව මෙහෙමත් බොරුව කාව රවටන්නද මේ?
RaveendraWednesday, 13 December 2017 02:16 PM
හා හා.. කට කට.. මව්බිමට කුමක් වුණත් කම්නැත. සංහිඳියාව තියෙන්න ඕනෙ හොඳේ.. ලෙඩා මලත් බඩ සුද්ද නොවේ....