IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ආයුර්වේද සංස්ථා නිලධාරීහු ඖෂධ පැළ සිටුවති

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ගාමිණී සරත් ගුණවර්ධන)
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ දුර්ලභ ඖෂධ පැළ සිටුවීමේ වැඩසටහනක් අද(01)  නාවින්න ආයුර්වේද සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
 
ආයුර්වේද සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාගලා අභයවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
 
මීට සහභාගි වූවෝ රත්හඳුන්, සුදු හඳුන් ඇතුළු විවිධ ඖෂධීය පැළ සිටවූහ.
 
මෙම අවස්ථාවට ආයුර්වේද සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරී අර්ජුන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

 



අදහස් (6)

ආයුර්වේද සංස්ථා නිලධාරීහු ඖෂධ පැළ සිටුවති

rana Thursday, 02 January 2020 06:10 AM

හා...හා... බලාගෙන අත්වල පස් ගෑවෙයි.

:       138       1

lanka Thursday, 02 January 2020 08:42 AM

ඕවා මිනිස්සුන්ට වතුවල හිටවන්න පුළුවන් විදියට මිලට ගන්න ක්‍රමයක් නැද්ද?

:       0       85

isurandi Thursday, 02 January 2020 01:51 PM

සුදු හඳුන්, රත් හඳුන් මේ ගස් ගන්න තැනක් කියන්න..

:       0       90

Champa Thursday, 02 January 2020 09:37 PM

ඇත්තටම මේ රත්හඳුන් සහ සුදු හඳුන් පැල අනිත් මිනිස්සුන්ටත් බෙදා දුන්න නම් නේද හොඳ. අපිත් ඇත්තටම සුදු හඳුන් වගා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සුදු හඳුන් අස්වැන්න නෙලන්නේ (ඉන්දියාව) අවුරුදු 30 කට පස්සේ කියලා තැනක තිබුනා. අපිට රත් හඳුනුත් ඒ විදහට වගා කරන්න පුළුවන්. අක්කරේකට සාමාන්‍යයෙන් පැල 400ක් විතර වවන්න පුළුවන්. ඇත්තම කියනවා නම් අපේ රටේ තව කරන්න බොහෝ දේවල් තියෙනවා.

:       0       15

sampath Saturday, 04 January 2020 11:47 AM

ඇත්ත වශයෙන්ම මේවා ප්‍රදර්ශනාත්මක වැඩ විතරයි. කෝ පහුගිය කාලේ හිටවපු පැළ? නිකම් වියදම් කරලා සාත්තු නොකර මැරෙන්න අරිනවා. ඊළග අවුරුද්දෙත් එතනම පැලේ හිටවනවා.

:       0       10

sharm warn Wednesday, 08 January 2020 04:10 AM

ඇත්තටම මේවා පැල කරන්න ඕන ඒ ශාඛ වලට සුදුසු පරිසර තත්ත්ව ඇති වනාන්තර වල සහ පළාත් වල නේද ? විශේෂයෙන් මේ ඖෂධ ශාඛ අදාල වැසි වනාන්තර වල සුදුසු අධීක්ෂණ යටතේ හිටෙව්වා නම් මීට වඩා පලදායි වෙන්න තිබුනා කියලා මට නම් හිතෙන්නේ. දරුවෝ අනාත නිවාස වල හදනවා වගේ වැඩක් තමයි මේකෙන් වෙන්නේ. මෙහෙම හිටවපු ගස් වලින් කීයෙන් කීයද අද වෙනකොට අපිට දකින්න ඉතුරු වෙලා තියෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site