IMG-LOGO

ආබාධිත රණවිරුවන් තිදෙනකුට මංගල සීනු හැඬවෙයි

(පුෂ්පකුමාර ජයරත්න)
 
යුද්ධයේ දී පුර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත්වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවෝ තිදෙනෙක් අද(24) යුග දිවියට  එළැඹුණහ.

මාතලේ  මහවෙල පදිංචි සැරයන්  ඩී.ජි.එස්.කේ.නන්දසිරි මහතා ගොකරැල්ලේ නිශාන්ති මධුෂානී මෙනවියගේ අතගත් අතර මතුගම පන්නල පදිංචි කෝප්‍රල් ජි.ඩී.ටී.චාමිකර මහතා  කළුතර  වළල්ලාවිට පන්නිල දිස්නා ප්‍රබෝධනී මෙනවියගේ ද අත ගත්තේය.

අම්පාර පදියතලාවේ පදිංචි කෝප්‍රල් එම්.ජි.ප්‍රේමසිරි මහතා සහ හොරොව්පතාන මොරනෑව චන්දිමා හේමලතා රණතුංග මෙනවියගේ විවාහය ද අද පැවැත්විණි.

ගම්පහ සියනෑ  සංවිධානයේ  පුර්ණ දායකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහායෙන් සංවිධානය කෙරුණු මෙම විවාහ මංගල උත්සවයට සාක්ෂිකරුවෝ ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක සහ කුරූණෑගල සිංහල වෙළඳ සංගමයේ සභාපති ඩයස් රත්නායක යන මහත්වරු අත්සන් තැබුහ.



අදහස් (10)

ආබාධිත රණවිරුවන් තිදෙනකුට මංගල සීනු හැඬවෙයි

anula Tuesday, 24 October 2017 07:44 AM

වේවා සිරි සුබ මංගලම් තෙරුවන් සරණයි යුවතිපතින්ට

:       0       230

sasath Tuesday, 24 October 2017 07:59 AM

ඔබ සියලු දෙනට සම්මා සම්බුදු සරණින් සතුටින් පිරි යහපත් දිවියකට අසිරි පතමි.

:       0       225

sunil Tuesday, 24 October 2017 09:02 AM

මේ රණ විරුවන්ගේ ඉදිරි ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ඉත සිතින් ප්‍රර්ථනා කරනවා. රට වෙනුවෙන් ඔවුන් සිය දිවි පරදුවට තබා කල පරිත්‍යාගයම ඔවුන්ගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න හේතුවක්ම වේවා. ඔවුන් සමග අපිත් අද දින ප්‍රීති වෙමු. මේ අපගේම සොයුරු සොයුරියන්.

:       1       261

ජෝති Tuesday, 24 October 2017 10:42 AM

රට බේරා ගත්තෙ තම දිවි අඳුර කර.. ජීවන මගේ මෙපමණ කල් පිරි අඳුර.. ආලෝකමත් කරමින් මින් පසු නිතර.. පින්වත් කුමරු කුමරිය ඔබ අප අතර.... යුග ජීවිතයෙ දුක් කරදර නැතිවේවා! ජීවන ගමන නිසි අයුරින් සැලසේවා! සාමය සතුට බැඳි ප්‍රේමය පැවතේවා! ඔබ මුළු පවුල් යසඉසුරින් වැඡඹේවා!

:       0       215

Raveendra Tuesday, 24 October 2017 11:04 AM

ඔබලාගේ ජිවිත පරිත්‍යාගයෙන් අප මවුබිමට ලබාදුන් නිදහස වෙනුවෙන් සියලුම රණවිරුවන් වෙත අප හිසනමමු. මේ මොහොතේත් අප එකිනෙකාට බැන වැදිමින් කෑකෝ ගසන්නෙත් ඔබගේ කැපකිරීමෙන් බව ගොඩ දෙනෙකුට අමතකවී ඇති බව කණගාටුවෙන් වුවද කිවයුතුය. ආචාර කරන්නෙමු. ඔබ සැමට සුබ මංගලම් ඔබලාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා....මොහිදීන් බෙග් මහත්මයාගේ සුන්දර ගිතයක පද කීපයක් ලිවීමට කැමැත්තෙමු. මංගලම් ජය මංගලම්.... වේවා සිරි සුබ මංගලම්.....

:       0       113

Janatha anura Tuesday, 24 October 2017 12:02 PM

සියලු දේවියන්ගේ ආශීර්වාදය ලැබේවා. මේ දරුවන් රැක ගැනීම ජාතියේ වගකීමකි

:       0       158

Pushpa Kumari Tuesday, 24 October 2017 01:32 PM

තෙරුවන් සරණයි

:       0       153

kumar (galf) Tuesday, 24 October 2017 04:50 PM

මේ රණවිරුවන්ට හා ඔවුන්ගේ මනාලියන්ට, ජේසු සමිඳුගේ පිහිට ආශීර්වාදය හා ආරක්ෂාව ලැබේවා.

:       1       120

erdi Tuesday, 24 October 2017 08:48 PM

ආදරණීය ඔබ සැමට සුභ යුග දිවියකට හිත සිතින් සුභ පතමි.

:       0       93

Saumya Wednesday, 25 October 2017 12:56 PM

සුබ යුගදිවියකට ආසිරි ප්‍රර්ථනා, බුදුසරණයි....!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site