IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආනයනික බෝග ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන අරඹයි

 

 

(නිමන්ති රණසිංහ)

දැනට ආනයනික බෝග 14ක් රට තුළ කඩිනමින් ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩ සටහන සංකේතවත්ව දිවයිනේ ස්ථාන කීපයකදී අද (04) ආරම්භ කළේ ය.

මහවැලි,කෘෂිකර්ම ,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කර ඇති ආහාර නිෂ්පාදනය ජාතික වැඩ සටහන පිලිබද කාර්‍ය සාධක බලකායේ නිර්දේශයන්ට අනුකූලව කියාත්මක කෙරේ.



අදහස් (18)

ආනයනික බෝග ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන අරඹයි

Champa Saturday, 04 April 2020 04:34 PM

ඉතා හොඳ වැඩක්. හාල් කොහොමද? ප්‍රසිද්ධ හාල් ජාවාරම් ව්‍යාපාරිකයෙක් කියනවා හාල් තියෙනවලු මාස 6කට. හරි නම් මේක කියන්න ඕනේ ආණ්ඩුවනේ. බත් ප්‍රධාන ආහාරය වුනු රටේ හාල් තියෙන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයෙක් අතේ. වී ගන්නේ ආණ්ඩුවලු. නිදහස ලබපු දවසේ ඉඳන් වී ගන්නව. කොච්චර ගත්තද කිව්වොත් ගුවන් තොටුපොලුත් වී ගබඩා කළා. හැබැයි හාල් ටික ඔක්කොම තියෙන්නේ පෞද්ගලික ව්‍යාපාරිකය අතේ. අද ඊයේ නෙමේ අවුරුදු 72ක්ම ගියා මෙහෙම. තුන් වේලටම බත් කාපු රටේ කිසිම ආණ්ඩුවකට බැරි වුනාද වී මෝලක් අරින්න? මම දන්නේ නැති නිසා අහන්නේ. ඈත්තටම මේ රටේ ආණ්ඩුවට අයිති එක වී මෝලක්වත් නැත්ද? හරි නම් කරන්න ඕනේ මොකක්ද? ආණ්ඩුව ගබඩා කරන්න ඕනේ හාල් මිසක් වී නෙමේ. ඊට අමතරව කුරක්කන්, උඳු. එතකොට රාජ්‍ය නායකයා තමයි කියන්නේ තමන් ළඟ මාස 6කට කන්න දෙන්න දේ තියෙනව කියල. ගිය මාසේ සතොස ගබඩාවේ තිබ්බ හාල් මෙට්‍රික්ටොන් ලක්ෂ 4ක් සතුන්ට දාන්න වෙලා. එයින් මෙට්‍රික් ටොන් 20,000යි අපේ හාල්. අනිත් 380,000ම වහල් ආණ්ඩුව පිටරටින් ගෙනාපුවා. තීරණ ගන්න හැම තැනම විජය හොරාගෙන් පැවතෙන කළු සුද්දෝ අරක්ගෙන. තීරණ ගැනීමේ අයිතිය රාවණ රජුගෙන් පැවතෙන කළු සිංහලයන්ට ලැබෙන්නේ කවදද?

:       0       522

බද්රානිSaturday, 04 April 2020 11:26 PM

චම්පා මමත් ඔයා විදිහටම , කව්පි, කුරක්කන්, කිරිඅල, බතල, කාල හැදුනු කෙනෙක්. ඉඳල හිටලා හොරෙන් ජෑම් හෝ බටර් ටිකක් ගාලා පාන් කෑල්ලක් කෑවත් අපි ඒවා ලෝකෙට ඇහෙන්න නොකියා ඉන්න එක තමයි කල යුත්තේ. ලෝකෙට පේන්න තුන් වේලම බත් කාල ඉන්නවා වගේ පෙන්නලා අපි හොරෙන්ම චීස් කෑල්ලක් එක්ක පාන් ගෙඩියක් කමු අනේ?

:       154       108

නිමල් Sunday, 05 April 2020 06:19 PM

රට වටේම මහමුහුද දිනපතාම මලු අල්ලාගෙන එනවා. ගම්වල පිරිසිදු එළවලු, විවිද අලවර්ග කොස්දෙල් ඕනෑතරම් තියෙනවා, ඕනෑතරම් හැදෙනවා. නමුත් කියන්න කණගාටුව ලංකාවේ මිනිස්සු සැමන්ටින් එක ගන්න. අඩුවට දෙන පරිප්පු ගන්න පෝලිම්වල පොරකනවා.

:       0       33

චමින්දSunday, 05 April 2020 01:22 AM

චම්පා මැතිණියනි. මේක ශ්‍රීලංකාව මෙකෙ රජයෙන් යමක් කලොත් එය එහි පාලක කාරකාදීන්ගේ බූදලයක් වෙනවා දේශපාළුවන්ගේ රැකියා සැපයීම් කරන රැකියා කම්හල් වෙනවා. වෘත්තීය සමිති රජවෙලා ඒවා සියල්ලම බංකොලොත් වෙනවාට අමතරව ජනතා මුදලින් වැටුප් ගෙවන්නත් වෙනවා. මේ රටේ අවංක මිනිසුන් ඇතිවන තුරුම ඔබතුමියගේ අදහස ඉටුකිරීම අපහසුයි

:       0       44

ranaSunday, 05 April 2020 03:43 AM

ශක්ති නමින් සහල් වෙළඳ පොලට ගිය ආණ්ඩුවෙන් වී කොටා සහල් බෙදා හැරිය නමුත් මේ ආණ්ඩුව තිබුන සියලුම තොග පුද්ගලික ඈයෝට පවරා දුන්නා ඒ නිසා සහල් මිලත් එක පාරටම ඉහල ගියේ .

:       86       107

PradeepSunday, 05 April 2020 04:26 AM

කලකට පෙර "ගොවිජන සේවා දෙපාර්තමේන්තුව" පැවති යුගයේ රජයේ වී මෝල් සහ ගබඩා තිබුනා. ඒවා ඉතාමත් කාර්යක්ෂමව තිබුනා. විශේෂයෙන්ම ඒවා ප්‍රධාන වශයෙන් පිහිටුවලා තිබුනේ කෘෂිකාර්මික ප්‍රදේශවල. කලාවැව ප්‍රදේශයේ තිබුනා අති විශාල වී මෝලක් සහ ගබඩාවක්. අද ඒවා දිරාපත්වෙන තත්වයට පත්වෙලා. රජය යටතේ තිබු සෑම කර්මාන්තයකම ප්‍රතිපලය මෙයයි. කඩදාසි කර්මාන්ත ශාලාව, සිනි කර්මාන්ත ශාලාව, පේෂකර්මාන්තය මේ සියල්ලමත් විනාශයි. එදා මෙදා තුර රටට හිතැති ඔබ කි ලෙස අපේ පරපුරේ (රාවනා) කෙනෙක් රාජ්‍ය පාලනයට එක නොවීම ඛේදනීයයි. සියඹලා කරලේ සිට කොහු ලණුව පවා පිට රටින් ගෙන්වන පාලකයින් ඉන්නා රටක කවදා නම් දේශීය කර්මාන්ත බිහිවෙයිද..?

:       0       31

PradeepSunday, 05 April 2020 04:26 AM

කලකට පෙර "ගොවිජන සේවා දෙපාර්තමේන්තුව" පැවති යුගයේ රජයේ වී මෝල් සහ ගබඩා තිබුනා. ඒවා ඉතාමත් කාර්යක්ෂමව තිබුනා. විශේෂයෙන්ම ඒවා ප්‍රධාන වශයෙන් පිහිටුවලා තිබුනේ කෘෂිකාර්මික ප්‍රදේශවල. කලාවැව ප්‍රදේශයේ තිබුනා අති විශාල වී මෝලක් සහ ගබඩාවක්. අද ඒවා දිරාපත්වෙන තත්වයට පත්වෙලා. රජය යටතේ තිබු සෑම කර්මාන්තයකම ප්‍රතිපලය මෙයයි. කඩදාසි කර්මාන්ත ශාලාව, සිනි කර්මාන්ත ශාලාව, පේෂකර්මාන්තය මේ සියල්ලමත් විනාශයි. එදා මෙදා තුර රටට හිතැති ඔබ කි ලෙස අපේ පරපුරේ (රාවනා) කෙනෙක් රාජ්‍ය පාලනයට එක නොවීම ඛේදනීයයි. සියඹලා කරලේ සිට කොහු ලණුව පවා පිට රටින් ගෙන්වන පාලකයින් ඉන්නා රටක කවදා නම් දේශීය කර්මාන්ත බිහිවෙයිද..?

:       0       31

ChampaSunday, 05 April 2020 12:04 PM

ප්‍රදීප් - වී මෝල් ගැන කරපු විස්තරයට ස්තුතියි. එදා මෙදාතුර පාලකයන්ට අපේ දේ ගැන කිසි අගයක් නැහැ. විජය හොරා ආපුතරම් ඈත අතීතයේ කුවේණි හිටියේ අතින් නෙමෙයි යන්ත්‍රයකින් කපු කටිමින් කියල කියනවා. පස්වෙනි ශත වර්ෂය තරම් ඈත කාලේ කාශ්මීරයේ කාන්තාවෝ ඇඳලා තියෙන්නේ ලංකාවේ වියපු රෙදි කියල ඉතිහාසය කියනවා.

:       0       13

S.J.C.I. Sampath Kumara Saturday, 04 April 2020 05:02 PM

දිස්ත්‍රික්ක 2ක් පසුකරමින් හේන් ගොවිතැන් කරන ඉඩමට ගමන් කිරීමට බලපත්‍රයක් ඉතා කඩිනමින් ලබාගන්නේ කෙසේද?

:       0       14

rasika Saturday, 04 April 2020 09:31 PM

හොද වැඩක්.. ඉතාම කාලෝචිත ක්‍රියාවක්. මේ වැඩේ සාර්ථක කරගන්න හැමෝම රජයට සහයෝගය දෙන්න.. 71 සිට 77 දක්වා අපි කරගෙන ගිය සහ 77 න් පසුව ඒ ස්වයං පෝෂිත ආර්ථිකය නැතිවෙලගිය .. ඒ පුනරුදය නැවත ඇතිවේවා...!

:       2       147

rana Sunday, 05 April 2020 03:48 AM

පෙර කලක ඇට අටක් බෙදා දුන්න , එකක්වත් පැල උනේ නැහැ , මේ පින්තුරු වල ඉන්න ඇයො තමා රට සහ ජනතාව බොරුවෙන් රවටන්නේ , ගන්නොරුව කාර්යාලයට ගිහින් බලන්න, කිසිම වෙලාවක් මොනකෙනේක්වත් නැහැ.

:       82       165

ChampaSunday, 05 April 2020 11:35 AM

බලයට එන හැම ආණ්ඩුවක්ම මොකක් හරි නමක් ගෙන ගෙවතු වගාව කියල පටන් ගන්නවා ලොකුවට. හැබැයි කිසි පිළිවෙලක් නැහැ.

:       29       9

PradeepMonday, 06 April 2020 02:47 AM

ඇට අටක් දුන්නේ හිටවන්න නෙමෙයි නේද.. ඇට අට කිව්වේ ධාන්‍ය රාත්තල් අටක් දෙනවා කිව්ව එකටයි. (කෑමට)

:       1       31

chandana Sunday, 05 April 2020 09:41 AM

පසු ගිය රජයෙන් පටන් ගත්තා, ශක්ති කියල වී වර්ගයක් සුපර්මාකට් වලට නිකුත් කළා. ආණ්ඩු පෙරළියෙන් පස්සේ එක නැවතුනා. චම්පා එක ගැන දන්නවද?

:       25       2

chandana Sunday, 05 April 2020 03:26 PM

චම්පා, පසු ගිය රජය කුඩා සහල් මෝල් හිමියන් සහ ගොවීන් එකතුකරගෙන, 'ශක්ති' නමින් හාල් වෙළදපොලට නිකුත් කරා මතක නැද්ද? ආණ්ඩු මාරුවෙන් පස්සේ ඒකත් නැවතුනා.

:       0       3

Champa Sunday, 05 April 2020 03:45 PM

චන්දන - ආණ්ඩුවේ වී මෝල් නැහැ. ආණ්ඩුව මිලට ගන්න වී ටික ආණ්ඩුවටම කොටාගෙන හාල් වලට එක මිලක් නියම කරන්න බැරි මොකද කියන එකයි මම අහන්නේ. එතකොට ආණ්ඩුව ගොවියට දෙන්න ඕනේ හාල් විකුණන මිල - වී කොටන පිරිවැය = දැනට දෙනවට වඩා වැඩි මුදලක් ගොවියා අතට යනව.

:       1       6

duminda kumarasiri Tuesday, 07 April 2020 02:23 AM

මේ රටේ ඉන්න ගොන් හරක්ට හාල් හොඳ වැඩියි.හාල් ටික පිටරට යවල පිදුරු ටික තමයි කන්න දෙන්න ඕනේ.

:       0       2

mahinda Wednesday, 08 April 2020 10:44 AM

ගොවිතැනට යන්න බලබලපත්‍ර ගන්න බැහැ. කුඹුරු වැඩ කරන්න බැහැ. දිස්ත්‍රික් දෙකක ඉන්න කොට කරන්නේ කොහොමද? වහාම ක්‍රමයක් සකසන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site