IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ආධුනික නාවිකයෝ 376 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය  හා ස්වේච්ඡා නාවික හමුදාවේ 233 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 376 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකර විසිර යාමේ  පෙළපාලිය  පූනෑව,  ශ්‍රී ලංකා නාවික හමුදා  ශික්ෂා ආයතනයේ  ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි.

මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක් කිරීම සඳහා කුසලාන ප්‍රධානයක්ද සිදු කෙරුණු අතර, එහිදී 233 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා ලෙස  ආධුනික නැවි එච්.ඩබ්.එස් මධුසංක නාවිකයා විසින් කුසලාන හිමි කර ගන්නා ලදී.
 
සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නැවි එම්. කේ අකලංක නාවිකයා කුසලාන හිමිකර ගත් අතර, ආධුනික නැවි එම්.පී.කේ.ඩබ් වික්‍රමසිංහ නාවිකයා හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමිකර ගත්තේය.
 
මීට අමතරව ආධුනික නැවි ඩී.එම්.ජේ.ජී ප්‍රසාද් නාවිකයා හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය හිමිකරගත් අතර, 232 වැනි  බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමිවන කුසලානය ‘පැරකුම්බා’ අංශය හිමි කර කර ගත්තේය.
 
ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතා සහභාගී වු අතර  උතුරු මැද විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල ,  ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අණදෙන නිලධාරි සහ ආඥාපති, කපිතාන් (ජලමාන) අශෝක වි‍ජේසිරිවර්ධන යන මහත්වරු  ඇතුලු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජේHෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද,  යුද්ධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන්, වව්නියාව දිස්ත්‍රික් අතිරේක ලේකම්, ටී.  තිරේස්කුමාර් මහතා ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අනුයුක්ත නිලධාරින් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.

(36698)

 

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)



අදහස් (1)

ආධුනික නාවිකයෝ 376 දෙනෙකු විසිර යති

Kumar (Gulf) Wednesday, 28 November 2018 02:38 PM

රට බේරාගත් අපේ නාවික හමුදාවට උත්තමාචාරය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site