IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආදි වාසීන්ගේ මී පැණි පූජාව අද මහනුවරදී

(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
ආදි වාසීන් විසින් ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සාම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව මෙවරත් මහත් බැතියෙන් සිදුකිරීම සඳහා අද (10) ආදිවාසී නායකතුමා සහ එතුමාගේ බිරිඳ වන හීන්මැනිකා මෑනිල ඇත්තන් ඇතුලු 60 දෙනෙකුගෙන් සමන්විත ආදි වාසීන් පැමිණ ශ්‍රී දළදා වහන්සේ සඳහා සාම්ප්‍රදායික මී පැණි පූජාව 21 වැනි වරටත් පැවැත්වූහ.

ආදිවාසීන් විසින් වනයෙන් නෙලා ගන්නා මීපැණිවල හොඳම නොඉඳුල් කොටස ඔවුන් සෑම වර්ෂයකදීම දන්තධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් බවත් මෙවර 21 වන වරට දළඳා වහන්සේ උදෙසා මී පැණි පූජාව පැවැත්වූ බවද ආදි වාසි නායකයා පැවැසීය.

ඉන් අනතුරුව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් ආදිවාසින් සදහා ත්‍යග පිරිනැමීමක් සිදු කළ අතර ඌරුවරිගේ වන්නිලා ඇත්තන් තමන් හට දිස්ත්‍රික්ක 6 ක ගම්මාන 52 ක සියලු ජනතාව ආරක්ෂා කර ගැනිම සඳහා ඔවුන්ගේ ඉදිරි නව පරම්පරාව ගැන විශාල වගකීමක් ඇති බවත් තම පරපුර රටේ ජාතියේ ආගමික පරිසරයක තමන්ගේ අන්‍යතාවයන් රැකගෙන ඉදිරි ගමන යන අතරම ඔවුනගේ දැනීම් වර්ධනය කිරීමද අවශ්‍ය බව නායකවරයා පැවැසීය.

පුරාණයේ විදේශීය ආක්‍රමණ මෙරටට ඇතිවූ අවස්ථාවලදී දළදා වහන්සේ ගල්ගුහා, කැලෑවල සඟවා ආරක්ෂා කරගත් අවස්ථාවන් වලදී දළදා වහන්සේට පුද පූජා සඳහා අල වර්ග, ධාන්‍ය, මී පැණිවලින් පුද පූජා පවත්වමින් පුරාණයේ සිට ආදිවාසීන් එම චාරිත්‍රයන් රැක ගත්බවත් වන්නියලැ ඇත්තෝ එහිදී කීය.



අදහස් (0)

ආදි වාසීන්ගේ මී පැණි පූජාව අද මහනුවරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site