IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ආදිවාසීහු 21 වැනි වරටත් දළදා සමිඳුන්ට මීපැණි පූජා කරති

(චමිල් රුපසිංහ)


ශ්‍රි දළදා සමිඳුන් උදෙසා සම්ප්‍රදායිකව පවත්වන ආදී වාසි මී පැණි පූඡාව මෙවරත්  ආදීවාසී ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැත්විණි.


ආදී වාසි නායකවරයාගේ  බිරිඳ  හීන්මැණිකා මෑනිල ඇත්තන් ඇතුලු  100 දෙනෙකුගෙන් සමන්විත ආදි වාසින් පැමිණ ශ්‍රි දළදා වහන්සේ සඳහා සාම්ප්‍රදායික මී පැණි පූඡාව  පවත්වනු ලැබුයේ 21 වැනි වරටය.


අනතුරුව ඔවුහු  මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රි ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.


ආදිවාසීන් විසින් වනයෙන් නෙළා ගන්නා මීපැණිවල හොදම නොඉදුල් කොටස ඔවුන් සෑම වර්ෂයකදීම දන්තධාතූන් වහන්සේ වෙත පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයකි.


විදේශීය රටවලින් ගෙන්වන ශාඛකෘමිනාශක ආදිය හේතුවෙන් මී මැසි ගහණය සීඝ්‍රයෙන් අඩුවී මී පැණි නිෂ්පාදන අඩු වන බවත්  මී මැසි ප්‍රජාව අඩුවීම හේතුවෙන් මිනිස් ජීවනය අඩාලවන බව වැදි නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන්  එහිදී පැවැසීය.


දළදා  මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ආදී වාසින් සදහා ත්‍යග පිරිනැමීම කළ  අතර  උරුවරිගේ වන්නිලා ඇත්තන් තමන් හට දිස්ත්‍රික්ක 6 ක ගම්මාන 52 ක සියලු ඡනතාවන් ආරක්ෂා කර ගැනිම සදහා ඔවුනගේ ඉදිරි නව පරම්පරාව ගැන විශාල වගකීමක් ඇති බවත් තම පරපුර රටේ ඡාතියේ ආගමික පරිසරයක තමන්ගේ අන්‍යතාවයන් රැකගෙන ඉදිර ගමන යන අතරම ඔවුනගේ දැනීම් වර්ධනය කිරීමද අවශ්‍ය බව නායකවරයා පැවැසිය.


 



අදහස් (0)

ආදිවාසීහු 21 වැනි වරටත් දළදා සමිඳුන්ට මීපැණි පූජා කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site