ශමීන් පණ්ඩිතරත්න
ඉතාලි රායි රූපවාහිනි නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු වන මාධ්‍යවේදී ලුකා නොවෙල්ලි මහතා විසින් රචිත " ආදම්ගේ පාලම " යනුවෙන් හැදින්වූ පොත දොරට වැඩීම අඟහරුවාදා (12) මිලානෝ අලෙස්සන්ද්‍රෝ මන්සොනි ශාලාවේදී පැවැත්විණි.
ඉතාලි ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් කොන්සල් කාර්යාලයේ පුර්ණ අනුග්‍රහය යටතේ මෙය පැවැත්විණි.
මීට සමගාමීව ශ්‍රී ලංකාවේ වර්ණවත් ස්ථාන මුල්කර ගනිමින් චිත්‍රයට නැගු ඉතාලි ජාතික ප්‍රවීණ චිත්‍ර ශිල්පී, තාරක විද්‍යාඥ ෆෙදෙරිකෝ කනොබ්බියෝ විසින් චිත්‍ර ප්‍රදර්ශනයක් බොල්සනි ගැලරිය යන ස්ථානයේ දින තුනක සිට දෙස් විදෙස් නරඹන්නන් සඳහා විවෘතව තිබිණි.
මාධ්‍යවේදී ලුකා නොවෙල්ලි මහතා විසින්, සොයාගැනීමට නොහැකිවූ පාරාදීසය සොයා ගිය 2014 වර්ෂයේ ශ්‍රී ලංකා ගමනේ, වෙනත් රටවල් වලට පාරාදීසය යනුවෙන් නම් යොදා තිබුණ ද, ශ්‍රී ලංකාව සැබෑ පාරාදීසයක් යනුවෙන් හැඳින්වෙමින් රචිත මෙම පොතෙහි, ශ්‍රී ලංකාවේ ගෝලීය වටිනාකම, එහි සුන්දරත්වය හා මානව ශිෂ්ටාචාරයේ අතීතය වර්ණ කෙරේ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා මිලානෝ කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය සහභාගී වුවාය.




2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’ආදම්ගේ පාලම’’ පොත දොරට වඩියි