IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අශ්ව කරත්තය යළි කරලියට

(රොමේෂ් මධුෂංඛ)

ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමන කටයුතුවලට විසඳුමක් ලෙස යාපනය නගරය අවට අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කළ ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

අතීතයේ සිට ජනතාව කරත්තය උපයෝගී කොට ගෙන සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් යාන වාහන ආගමනයෙන් කරත්ත ප්‍රවාහනය අඩුවී ගියේය.

කෙසේ වෙතත් වත්මන් වාතාවරනය හමුවේ බොහෝ දෙනකු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරලියට පැමිණ ඇත.

යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට නගර ප්‍රවාහනය වෙනුවෙන් අශ්වයින් යොදාගෙන කරත්ත සේවය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් පියවර ගෙන ඇති අතර ඉදිරියේදී මෙම සේවාවට ඉහල ඉල්ලුමක් හිමිවෙනු ඇති බවටද එහි හිමිකරුවෝ වැඩිදුරටත් පවසති.



අදහස් (12)

අශ්ව කරත්තය යළි කරලියට

pathirana Monday, 27 June 2022 11:58 AM

කොළඹට නම් දියවන්නාවෙන් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්...!

:       0       18

ganegodaMonday, 27 June 2022 12:42 PM

දියවන්නාවේ ඉන්න වයෝවෘද්ධයින් කරත්තවල බැඳගන්නවට වඩා හොඳයි, පාගමනකට හුරුවෙන එක...

:       0       18

JanakaMonday, 27 June 2022 04:17 PM

හා හා.. කැත කතා කියන්න එපා. මේකට කියන්නේ අස්ස කරත්තය කියලා නෙමෙයි. මේකට කියන්නේ ඔරකල් බේස් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. අපේ විරුවාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා මෙව්වා හඳුන්වලා දෙනවා කියලා...!

:       2       22

අමා රත්නායක Monday, 27 June 2022 12:27 PM

අපි ආපසු අතීතයට... පරිසර දූෂණය අවමයි. අපේ රට පුරාම මෙය සිදුවෙනවා නම් යහපත් දෙයකි...!

:       14       16

ganegodaMonday, 27 June 2022 01:35 PM

‘‘සත්ව හිංසාව...‘‘?

:       1       23

janahithaMonday, 27 June 2022 02:53 PM

ගොම එකතු කරගන්නත් පුලුවන් ගවයෙක් බන්ඩගත්තනම්.

:       0       8

Maha zen Monday, 27 June 2022 01:47 PM

ටැංකිවල තෙල් නැද්ද?

:       0       3

ganegodaMonday, 27 June 2022 02:13 PM

නැහැනේ... දැන් ඒ ටැංකිවල අපි මාලු ඇති කරනවා. ඒත් ඔයාලට නෙමෙයි...!

:       0       4

ගමේ එකාලා Monday, 27 June 2022 02:04 PM

දියවන්නාවට එන දේශපාලුවන්, ගොන්කරත්ත වලින් දක්කන්න පුළුවන් වුණා නම් තමයි වැඩිය හොඳ. දූෂිත දේශපාලුවන් රටම කාබාසිනියා කෙරුවා....

:       0       10

ganegodaMonday, 27 June 2022 02:21 PM

ඉතින් ඔවුන්ට ඒකත් බැහැනේ...! ඒකනේ අපි දියවන්නාවේ අයට අම්බරුවන් කියන්නේ..!

:       0       4

fairoos Monday, 27 June 2022 05:24 PM

හොඳට තිබුණු රට සහරාන්ගේ බෝම්බයෙන් සහ නන්දසේනගේ ජාතිවාදයෙන් විනාශ කළා...

:       3       14

Anura Monday, 27 June 2022 06:29 PM

මෙයා තමයි ගොබ්බසේන... ඔබට පොරොන්දු වූ සෞභාග්‍යයේ දැක්ම...!

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site