චමිල් රුපසිංහ
 
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25) රාත්‍රී විදී සංචාරය කෙරුණු අතර පෙරහර නැරඹීම සඳහා  අති විශාල පිරිසක් රැස්වී සිටියහ. 
දළඳා  මාළිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්ති රාජයා රන්දෝලි දෙවැනි පෙරහරේ සිට පාවාඩ හා උඩුවියන් සහිතව මෙදින පෙරහරේ ගමන් කිරීම විශේෂත්වයකි.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස  ඉන්දි  රාජා සමඟ කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.
අවසන් රන්දෝලි පෙරහර පැවැත්වුණු  ඊයේ (25) දින ශ්‍රී දළදා මාළිගාව අභියසින් රාත්‍රී 7 පසුවී විනාඩි 58 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව  දළදා වීදිය(වෝඩ් වීදිය),යටිනුවර වීදිය, කන්දෙ වීදිය (හීල් වීදිය), ඩී.එස් සේනානායක විදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
ඉන් අනතුරුව පසුදින (26) අලුයම 1 පසුවි විනාඩි 3 ට උතුරු දිශාමුඛව ශ්‍රි දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව් දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය(වෝඩ් වීදිය),ඩි.එස් සේනානායක විදිය(ත්‍රිකුණාමල වීදිය), ගොස් දළදා කරඩුව ගෙඩිගේ විහාරයේ (ආදාහන මඵව) සිරිත් ප්‍රකාරව එහි තැන්පත් කර සිව් දේවාලයන් හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව පූඡා පැවැත්වීමෙන් පසුව කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපිමේ මංගලෝත්සවය සිදුකර ආපසු ගණ දෙවි කෝවිලට පැමිණ දේව පුඡා ඉටු කිරිම කරයි.
ගැටබේ තොටේ දියකැපිමේ චාරිත්‍රය සිදුකිරිමේදි එම කැපු ජල පහර මහත් ආශිර්වාදයක් බව ජනයා අතර භක්තියෙන් ඇති විශ්වාසය නිසා එම ජල පහරෙන් මිනිසුන් ස්නානය කරනු ලබයි.





 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අවසන් දළදා රන්දෝලි පෙරහර වීදි සරයි