IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු අසළදී

(දයාරත්න ඇඹෝගම)
ජාතික අලුත් සහල් මංගල්‍යය අද (08) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි මහා බෝධිය ඉදිරිපිටදි උත්සවාකාරයෙන් පැවැත්විණි.

දිවයිනේ නන් දෙසින් ගොවියන් විසින් රැගෙන ආ අලුත් සහල් ශ්‍රි මහා බෝධින් වහන්සේට පුජා කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරු විසින් මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සංඥා මධ්‍යෙය් සිදු කරනු ලැබිය.

මෙහිදි ජනාධිපතිවරයා විසින් නව බීජ වී වර්ග ගොවියන් අතර බෙදා දිමත් ගොවි හැදුණුම්පත් නිකුත් කිරිමත් සිදුවිය.

මෙම අවස්ථාව සදහා අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ඇතුලු මහා සංඝරත්නය කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පි හැරිසන් චන්ද්‍රානි බණ්ඩාර යන මැති  ඇමැතිවරුද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු සහ ගොවි සමිති නියෝජනය කරමින් ගොවින් රැසක් එක්ව සිටියහ.

 

(ඡායාරූප -ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (5)

අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු අසළදී

කුමාර් (ගල්ෆ්) Sunday, 08 April 2018 08:38 AM

මේ නිකන් ලකුණු දාගන්න කරන නිෂ්ඵල වැඩ... ගොවීන්ට වතුර ටික නැත. පොහොර ටික නැත. අස්වැන්න විකුණාගන්න ක්‍රමයක් නැත. අතරමැදියොයි හොර නිලධාරියොයි ගොවියාව විනාශ කරනවා. මෙයාලා ගිහිල්ලා නිකන් මංගල්ල පවත්වනවා. කිසිම සුගතියක් ගොවියාට නැත.

:       171       907

RaveendraSunday, 08 April 2018 10:36 AM

කුමාර් (ගල්ෆ්) මයා වෙත, අපද ඔබගේ නිවැරදී අදහස් සමග සම්පුර්ණයෙන්ම එකග වන්නෙමු. ඕනෑම රටක ගොවියා යනු ඉහලින්ම සමාජයේ පිළිගන්න අතර ඔවුන්ගේ ප්‍රශ්නවලට කිසිදු ප්‍රමාදයකින් තොරව විසදන අතර ඔවුන්ව අගය කිරීමද කරන බව නොරහසකි. මක්නිසාදයත් රටක පුරවැසියන්ගේ බඩගින්න නිවන ප්‍රධානතම සාධකය එම ගොවි මහත්මයන් බැවිනි. අවාසනාවකට අපගේ මවුබිමේ ගොවි මහත්මයන් හට විදීමට ඇති දුක් ගැහැට අපමණයි කීමට නොහැකිවීම ඉතාමත්ම කණගාටුදායකය.

:       0       308

Ajith Monday, 09 April 2018 06:53 AM

මේ ප්‍රශ්නය දිහා මතුපිටින් බලා අදහස් දැක්වීමෙන් ඵලක් නැත. පාරිභෝගිකයා ගොවියාගේ නියම නිෂ්පාදන මිලට හාල් මිලදීගන්න කැමති වූ දවසක (සහනාධාර නොමැතිව) මොකද සහනාධාරද ජනතාවගේ මුදල්ය. ලාබෙට ගන්නා හාල්වලට ජනතාව පොදුවේ වක්‍රාකාරව ගෙවයි. රජය කළ යුත්තේ අතරමැදියන්ගෙන් වන හානිය වැළැක්වීමට, හොඳ ක්‍රමයක් සකස් කිරීමයි. එහෙත් අපගේ පාලන ඉතිහාසය ගැන සාධාරණ සැකයක් ඇත.

:       0       115

RaveendraMonday, 09 April 2018 07:21 AM

අජිත් මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. "රජය කළ යුත්තේ අතරමැදියන්ගෙන් වන හානිය වැළැක්වීමට " ඉතාමත්ම වැදගත් අදහස්වලට අද රටේ පවතින නිවට දේශපාලකයින්ගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබෙනු ස්ථිරය. මක්නිසාදයත් මුදල් පසුපස හඹායන නිවටයන් (රතු, කොළ, නිල් යන සියලුම පාටවලට මෙය අදාල වේ) මහජන නියෝජිතයින් වීම එයට ප්‍රධානම හේතුව වන්නේය. තම බඩගෝස්තරය, තම පුද්ගලික සුඛවිහරණය ගැන සිතන "කාලකන්නින්ගෙන්" රටේ ගොවිජනතාවට පමණක් නොව කිසිම පුරවැසියකුට, රටට වැඩදායි කිසිවක් සිදුනොවන බව ඉරහඳ මෙන් ස්ථිරයි....

:       0       114

AjithMonday, 09 April 2018 05:25 PM

සැබවින්ම...............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site