IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අඹ වැනි ගෙඩියක් මල් වැලේ හැදිලා

චමිල් රූපසිංහ

දවුලගල  - හියාරාපිටිය හංදෙස්ස පදිංචි හිටපු අධ්‍යපන අධ්‍යක්ෂවරයෙක් වන අනිල් එදිරිසිංහ මහතා තම වත්තේ ඇති අඹ ගසක ගෙඩි කඩන අතර වාරයේදි මල් වැලක අඹ ගෙඩියක් ඇති බව නිරීක්ෂණය වී තිබේ.  

නිවසේ සාදා ඇති මල් වැලකට සම්බන්ධව අඹ ගෙඩියක් හට ගෙන ඇති බව තමන් දුටු බවත් එය නිරීක්ෂණය කිරීමේදී මල් වැලේ නැට්ටකට සම්බන්ධව අඹ ගෙඩිය සෑදී ඇති බවත් ඔහු පැවසීය.

මල්වැලේ හටගෙන ඇති අඹ ගෙඩිය බැලීම සඳහා බෝහෝ පිරිසක් පැමිණෙන බවත්  එය කඩා දැමීමට තමන් උත්සහ නොකර බවත් ඉදිරියේදි තමන් අඹ අත්තක් මෙම මල් වැලට බද්ද කිරීමට අදහස් කරන බවද ඔහු කීය.



අදහස් (4)

අඹ වැනි ගෙඩියක් මල් වැලේ හැදිලා

de silva Tuesday, 12 June 2018 02:44 PM

මේක අනිවාර්යයෙන් බද්ධ කරපු ශාකයක් වෙන්න ඕනේ , මෙම වර්ගයේ මල් වැලක් මම දුටුව මුල්ම වතාව මේ

:       1       13

නුමා Tuesday, 12 June 2018 09:43 PM

පොඩි මඩුවක් අටවගෙන පිංකැටයක් නිකමට තියල 'මල්වැලේ අඹගෙඩිය හාස්කම් සහිතයි' කියලා පොඩි ප්‍රචාරයක් දුන්නනම් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. කලකට ඉහත මීවැල්ලෑව එහෙමත් තිබුණෙ.

:       0       11

janitha Wednesday, 13 June 2018 05:52 AM

ගහක් කොලක් ගැන දන්න මිනිස්සු මේවා දැකලා හිනාවෙනවා...

:       1       36

චමිල් රූපසිංහ Wednesday, 13 June 2018 11:17 AM

ඊයේ මේ අධ්‍යපන අධ්‍යක්ෂවරයා විසින් ශාක සම්බන්දව දන්නා පුද්ගලයෙකු ගෙන්වා මෙය නිරීක්ෂනය කර බලා තිබෙනවා. ඔහු පවසා ඇත්තේ අසල ඇති අඹ අත්තක ගෙඩියක මෙම මල් වැලේ කොටසක් එතී ඇති බවත් ක්‍රමක් ක්‍රමයෙන් මෙම අඹ ගෙඩිය මවු ශාකයෙන් ඉවත්වි මල් වැලේ සාරයෙන් අඹ ගෙඩිය පෝෂනය වි ඇති බවය. අඹ ගෙඩිය කපා බැලු පසු එහි ඇටය ඉතා කුඩා වි ඇති අතර අඹ සුවද මදක් ආ බවත් ගෙඩියේ මද ඉතාම සුදු පැහැ ගැන්වි තිබු බවත් ඔවුන් මා හට පැවැසුවා. මවු ශාකයෙන් වෙන්වු අඹ ගෙඩිය වර්ධනය වි ඇත්තේ මල් වැලේ සාරයෙනි.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site