IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අම්පාර සුපිරි බස් නැවතුම්පොළ විවෘත වෙයි

(ඉෂාන් සංජීව)

ශ්‍රී ලංකාවේ පහසුකම් වැඩිම බස් නැවතුම්පොළ ලෙස ඉදි කෙරුණු අම්පාර බස් නැවතුම්පොළ සහ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) සිදුකෙරිණි.

රුපියල් මිලියන 286 ක් වැය කොට මෙම බස් නැවතුම්පොළ ඉදිකර තිබේ. පහත මාලයේ බස් රථ අංගනයේ මගීන් නංවා ගැනීම සඳහා වේදිකා 18ක්, මගීන්ට ගමනාන්තය පහසුවෙන් දැන ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය සහිත රූපවාහිනි පුවරු, ඉහළ මහලයට ගමන් කිරීමට ඇති තරප්පු පෙළවලට අමතරව අබාධිත පුද්ගලයන්ගේ පහසුව සඳහා විදුලි සෝපාන මෙන්ම වෙළෙඳසල් සහ බෝජනාගාර, මව්වරුන් සහ ළඳරුවන් සඳහා විවේකාගාර, පොලිස් මැදිරි, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිසිටිවි නිරික්ෂණ, හදිසි විදුලි බිඳ වැටීමකට මුහුණ දීම සඳහා විදුලි ජනන යන්ත්‍ර, රියදුරු විවේක ශාලා, අබධිතයන්ටද පිවිසීමේ පහසුකම් සහිත වැසිකිලි පද්ධතිවලින් මෙම බස් නැවතුම් පොළ සමන්විතය.

මෙම බස් නැවතුම් පොළෙන් වාර්ෂිකව රුපියල් මිලියන 6 - 8 අතර ශුද්ධ ලාබයක් ඉපයීමට නගර සභාව සැලසුම් කොට ඇති අතර එම අදායම අම්පාර ජනතාවගේ ඉදිරි වැඩ කටයුතු සඳහා යෙදවීමට නියමිතය.

 



අදහස් (10)

අම්පාර සුපිරි බස් නැවතුම්පොළ විවෘත වෙයි

maheshika Friday, 01 December 2017 09:29 AM

බුලත් කෙල ගහන, හුණු බිත්තිවල ගාන, කුණු තැන තැන දමන අයට දඩ ගහන්න පුළුවන්. සීසීටීවී තියන නිසා.

:       118       381

jiffriSunday, 03 December 2017 05:13 AM

මේවා පොදු මහජනයාගේ සම්පත් අපිරිසිදු නොකර පාවිච්චි කිරීම මහජනයාගේ යුතුකමයි.

:       0       12

abaran Saturday, 02 December 2017 01:11 AM

අම්පාර වැනි පලාත්වල ඉන්න සිංහලයා බුලත් කන එක නවත්වන එක ලේසි නෑ. එ්ක නිසා ඔය නවීන බස් නැවතුම පාවිච්චිය සඳහා චුයින්ගම් කන ඩෙනිම් අඳින අයට පමණක් සීමා කරන්න...

:       156       121

HafeelMonday, 04 December 2017 01:30 AM

දැන් අගමැතිට කරන්න තියෙන්නේ චුයිංගම් පොරොන්දුව ඉටු කරන්න....

:       0       1

erdi Saturday, 02 December 2017 07:58 PM

අයියෝ අබරන්, සතුටු වෙන්න පුළුවන් දෙයකදී අනිවාර්යෙන්ම ඒක අගය කරන්න. මමත් රත්නපුරේ බුලත්විට කකා හිටිය මිනිහෙක් කුමණ හේතුවක්ද මන්දා.. මමත් දැනට අවුරුදු තිහක් තිස්සේ ධනවත් රටක ජීවත්වන කෙනෙක්. මේ රටට එද්දී මෙලෝ හසරක් නොදැන හිටියත් දැන් මේ රටවල අයට වඩා මේ රටේ සිරිත් විරිත් වලට ගරු කරන්න පුරුදුවූයෙමි. අම්පාර කියලා හිතන්න එපා. ඒ අයටත් මේ පහසුකම් විඳින්න පුරුදු කරමු. බලන්න හිතට දැනෙන සතුට මේ වගේ දෙයක් අම්පාරට ලබා දෙන්න.. මූලිකත්වය සැමට පින්..

:       194       247

anura Sunday, 03 December 2017 02:57 AM

මේක විවෘත කරන්න මෙපමණ පමා උනේ ඇයි පටන් ගත්ත අය අමතක වෙනකම් ඉන්නවා

:       116       404

indika Monday, 04 December 2017 02:54 PM

මම ඔබ සැමගේ හදවතට කතා කරලා අහන්න කියනවා. අම්පාර වැනි පළාතකට මෙවැනි බස්පලක් අවශ්‍යද. මෙයට වැඩි දෙයක් කරන්න තිබුනා නේද අම්පාරට මේ ගිය සල්ලි වලින්. එහෙම කර, කොළඹ බස් නැවතුම හොදට හදන්න තිබුනා නේද. තීරණ ගන්න කොට හොද තීරණ නේද ගන්න ඕනේ. විද්වතුන් පාලනයට එන්න ඕනේ කියන්නේ මේක නිසා තමා

:       33       2

darshana Tuesday, 05 December 2017 05:02 AM

මේක කලින් ආණ්ඩුව කාලේ හදන්න පටන් ගත්ත එකක්නේ.

:       1       191

Ruwan Tuesday, 05 December 2017 09:02 AM

තේ කෝප්පයේ කිඹුලෝ බලන්නේ නැතුව හොඳ දෙයක් කරාම එය අගය කරන්න පුරුදු වෙන්න. එසේ නොවුනොත් ඔබලාගේ දුව දරුවනුත් ඔබලාගේ ඔය ගැති අදහස් නිසා විනාස වීමට ඉඩ තිබේ.

:       0       0

harsha Tuesday, 12 December 2017 04:38 AM

අම්පාරේ විතරක් නැතුව ලංකාවේ හැම තැනකම මෙහෙම ඒවා හදනකන් අපි බලන් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 404 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 117 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site