IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අනුරාධපුර වැව් 3000ක් සිඳි යයි

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මධ්‍යම සහ කුඩා ප‍්‍රමාණයේ වැව් 3226 න් වැව් 3000ක් පමණ සම්පුර්ණයෙන්ම සිඳී වියළි ගොස් ඇති බව පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.එම්.ජයන්ත හේරත් මහතා පවසයි.

ඉතිරි වැව් සියල්ලේද ජලය 98%ක ප‍්‍රමාණයක් සිදි යාමෙන් ජලය නොමැති වී ඇතැයි පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා පැවසීය.

මේ හේතුවෙන් විලච්චිය ,තන්තිරිමලය ,මැදවච්චිය , කැබිතිගොල්ලැව සහ හොරොව්පොතාන ප‍්‍රදේශවල ගොවි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.මේවන විට එම ප‍්‍රදේශයේ ජනතාව දැඩි ආහාර හිඟයකටද මුහුණ දී සිටිති.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මධ්‍යම රජයෙන් පාලනය වන වැව් 112 න් වැව් විශාල ප‍්‍රමාණයක් සිඳි ගොස් ඇතැයි අනුරාධපුර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ඉංජිනේරු එච්.එල්.ජයන්ත සිල්වා මහතා කීය.

“අනුරාධපුර නගරයට පානිය ජලය සපයන්නේ නුවරවැවෙන්.මේවන විට නුවරවැවේ ජල මට්ටම අක්කර අඩි 6800 යි.මෙම වැවෙන් පානීය ජලය ගැනීමට හැකි වන්නේ තවත් දින 24 කට පමණයි. අපි මහවැලියෙන් ජලය ඉල්ලා තිබෙනවා මේ වැව් වලට.මහවැලියෙන් ජලය නොලැබුනොත් විශාල අපහසුතාවකට පත්විමට ඉඩ තිබෙනවා.“යැයි ඒ මහතා පැවසීය.

විලච්චිය සහ හොරොව්පොතාන ප‍්‍රදේශයේ සිදිගිය වැව් දෙකක් සේයාරු වලින් දැක්වේ.



අදහස් (4)

අනුරාධපුර වැව් 3000ක් සිඳි යයි

අයෝම ලංකාධීර අතපත්තු Thursday, 20 July 2017 07:56 AM

අපේ වල අපිමයි කපාගත්තේ. විල්පතු ඇතුළු උතුරු පලාතේ වර්ෂාව සපයන වනාන්තර විනශ කරනකම් ඇස් කන් පියන් ඉන්න අපිට මීට වඩා දෙයක් බලාපොරොතු වෙන්න පුළුවන්ද ?තව වසර කීපයක් යනකොට ඔය ප්‍රදේශ අතහැර දාන්න සිද්ද වෙයි .බොන්න වතුර ඉන්දියාවෙන් ගෙන්න වෙයි .දේශපාලුවන්ට බැන බැන ඉදල වැඩක් නෑ .එයාලව දේශපාලුවන් කරේ අපි .වෙන්න ඕන විනාශය වෙලා ඉවරයි .තියෙන වනාන්තර ටිකවත් ආරක්ෂා කරගන්න එකට එකතු වෙන්න .ඊලග පාර රටට ආදරේ කරන රට රැක ගන්න පුළුවන් අය ටිකක් පාර්ලිමේන්තුවට යවන්න

:       0       7

kumar (galf) Thursday, 20 July 2017 08:13 AM

රටේ පාපය ඉහලටම මෝරා ඇතිබවේ සංකේත තමා මේ පෙන්නුම්කරන්නේ.

:       1       14

banda Thursday, 20 July 2017 08:40 AM

රට වටේ මහා මුහුද, ගඟ, එක පළාතකට වතුර නැහැ තව පළාතක ගැන වතුර රටේ පාලකයෝ මොකද ක‍රන්නේ කියල අහන්න තමයි තියෙන්නේ.

:       219       7

AJIT Thursday, 20 July 2017 10:42 AM

දේවාල වල ගහමු පොල්වල ප්‍රතිපලය තමයි මේ.

:       7       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site