IMG-LOGO

අන්තර්ජාතික විද්වත් සමුළුව ඇරඹෙයි

(ප්‍රින්ස්  රත්නායක)

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨය මගින් සංවිධානය කරනු ලබන දෙවැනි ජාත්‍යන්තර විද්වත් සමුළුව  අද (19) ඇරඹිණි. මෙම සමුළුව  20 , 21 දක්වා  ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ. 

මේ සඳහා  දෙස් විදෙස් පර්යේෂණ පත්‍රිකා 120 ක් අතුරින් පර්යේෂණ පත්‍රිකා අනූ අටක් ඉදිරිපත් කිරීමට  නියමිතය. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල්ශාන්ත මහතා සහභාගීවූ අතර විශේෂ ආරාධිතයා ලෙස ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ සභාපති කේ ආර්.එච්. ලාල් ගුණසේකර මහතා සහභාගී  විය. 

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය පවත්වනු ලබන දෙවැනි ජාත්‍යන්තර විද්වත්  සමුළුව (කළමනාකරණ පර්යේෂකයන්ගේ ද්විතීය අන්තර් ක්ෂේත්‍ර සම්මන්ත්‍රණය ) වශයෙන් පැවැත්වෙන මෙහි තේමාව වනුයේ ධරණීය සංචාරක ව්‍යාපාරය, ආයතනික කළමනාකරණය, සහ අපගේ පරිසර  බලායනය වේ. 

මෙම සමුළුවේ සභා සභාපතිත්වය උසුලනු ලබන්නේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ආචාර්ය එම්.එස්.එම්. අස්ලාම් මහතතාවේ.

මෙම සමුළුවට  සමගාමීව විදේශීය විශ්වවිද්‍යාල දෙකක් මෙම ජාත්‍යන්තරතර සමුළුවව පැවැත්වීමේ කටයුත්තට එක්ව තිබේ. ඇමරිකා එක්සත්ජනපදයේ උතුරු ඇරිසෝනා විශ්වවිද්‍යලය හා මැලේසියාවේ ටෙක්නෝලොජි මාරා විශ්වවිද්‍යාලද මෙයට දායකව ඇත. 

ප්‍රධාන විද්වත් සමුළුව හා   සමගාමීව   තවත් සමුළු දෙකක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන මැලේසියාවේ  10 වැනි ඝර්ම කලාපීය සංචාරක දෘෂ්ටි සම්මන්ත්‍රණය සහ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඇරිසොනා විශ්ව විද්‍යාලයේ ප්‍රථම ජාත්‍යාන්තර තිරසාර පාරිසරික බලායන සම්මේලනයද මේ හා සමගාමීව පැවැත් වේ. 

ඒ අනුව ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව දෙකක් සහ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පැවැත්වෙන් දෙවන ජාත්‍යන්තර විද්වත් සමුළුවත්  සමඟ ජාත්‍යන්තර පර්යේෂණ සමුළු තුනක් පැවැත්වේ.

 



අදහස් (2)

අන්තර්ජාතික විද්වත් සමුළුව ඇරඹෙයි

lalith Thursday, 19 October 2017 09:59 PM

ඒ රටවල් වලනම් මේ විද්වත් මහත්වරුන්ගේ උපදෙස් අවවාද අනුශාසන අනුව රටේ වැඩ කරනවා ඇති. නමුත් අපේ රටේ මේ විද්වත්තු මොනතරම් උන්නත්, අන්තිමේ අසන සංවිධායක කමට පක්ෂ නායකයින් විසින් පත්කරපු කුඩු කාරයෝ, මදාවියෝ, තක්කඩියෝ, හොරු ඔක්කොම ජනතාවට කියල කතිරේ ගස්සාගෙන පාර්ලිමේන්තු ගියාට පස්සේ සියල්ල දත් සක්විති කියල හිතන කියන විදියටනේ වැඩකරන්න වෙලා තියෙන්නේ.

:       0       1

ලුම්බිණි Friday, 20 October 2017 07:52 AM

සම්මන්ත්‍රණයකට එන මිනිස්සු බෙර ගසා නටා වයා පිලි ගත යුතුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site