අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා අතර හමුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ හා අනෙකුත් සංවර්ධන කටයුතු සදහා ජර්මානු රජයෙන් ලබා දෙන සහය පිළිබඳව විශේෂයෙන් අගය කරන බව අමාත්‍යවරිය මෙහිදී පැවසීය.
රටෙහිම අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා නීතිමය කරුණු හුවමාරු කිරීම පුහුණු වීම් වල වැදගත්කම පිළිබදව මෙහිදී අවධාරණය කෙරිණි.
මෙහිදී දෙරට අතර අධිකරණ කටයුතු නීති ක්ෂේත්‍රයන්හි සහයෝගය තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සංවර්ධනය හා ප්‍රවර්ධනය වෙනුවෙන් නීතීමය කරුණු අධ්‍යනය කිරීම සඳහා මෙන්ම පුහුණු කිරීම්වලදී ජර්මානු රජය ලබා දෙන සහයෝගයද, මෙරට විනිසුරුවරුන්ට අධිකරණ කාර්ය මණ්ඩලයට නීතිමය දැනුම අවබෝධය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා ලබා දෙන සහායද අගය කළ අමාත්‍යවරිය ඉඉදිරියේදීස එම සහය අපේක්ෂා කරන බව සඳහන් කළේය.
ජර්මන් රජයේ සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව එහිදී තානාපතිවරයා සඳහන් කළේය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා ද මෙම අවස්ථාවට එක් විය.
(36698)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අධිකරණ ඇමතිනිය ජර්මානු තානාපති හමුවෙයි