
(ඩයනා උදයංගනී සහ චමිල් රූපසිංහ)
මහනුවර සිට කොළඹ කොටුව බලා අද (17) අළුයම 4.30 ට ගමන් ආරම්භ කළ අංක 1038 දරණ සීඝ්‍රගාමී දුම්රිය පේරාදෙණිය සහ පිළිමතලාව දුම්රිය ස්ථානයන් අතර දී පැනීමකට ලක් ව ඇත.
මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් කොළඹ සිට පැමිණි දුම්රිය එම ස්ථානය ළඟා වී ඇති අතර එහි ගමන් ගත් මගිහු එම දුම්රියෙන් බැස එළුගොඩට ගොස් මහනුවර බලා ගමන් ගත් අතර කොළඹ සිට පැමිණි දුම්රියෙන් බදුල්ලේ සිටි ජනතාව කොළඹ පලා ගමන් ගත්තේය.
මේ වන විට අබලන් වු මාර්ගය මහනුවර ධාවනාගාර සේවකයන් විසින අලුත් වැඩියා කරමින් සිටින අතර අද පස්වරුව වන විට දුම්රිය මාර්ගය නැවත යථා තත්වයට පත් කල හැකි බවද එහි නිලධාරියෙක් පැවසිය.


2025 නොවැම්බර් මස 21
107
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අදත් උදෙන්ම දුම්රියක් පීලි පනී
Sunil Thursday, 17 November 2022 09:17 AM
දුම්රියක් පීලි නොපනිනන දවසක් හරි ස්තානයක් මට කියන්න.
ජයන්ත Thursday, 17 November 2022 01:20 PM
ලෝකයේ කොහේද රටක මැදිරි සියයක් තියෙන කිලෝමීටර් එකකුත් දශම නවයක් දිගු දුම්රියක් පීලි පනින්නෙ නැතුව ධාවනය කලා කියපු දවසේ සිටම ලංකාවෙ දුම්රිය රියදුරන්ගේ අත පය වෙවුලනවා ඇති අපේ රටේ එහෙම වුනොත් මොකද කරන්නෙ කියලා එනිසා මෙම රියදුරෝ නැත්නම් නියාමකයින්ට කියන්න බයවෙන්නෙ එපා ලංකාවෙ කවදාවත්ම එහෙම එකක් වෙන්නෙ නැහැ කියලා එතකොට ඔය පැනිලි අඩුවේවි
Perera Thursday, 17 November 2022 02:04 PM
රට පුරා දුම්රිය මාර්ගවල නිසි ප්‍රමිතියෙන් යුතු නඩත්තුවක් නොමැතිකමේ ප්‍රතිපල මෙ.
chandima Friday, 18 November 2022 02:35 AM
දුම්රිය පාඩුයි කියලා රනිල් එකත් විකුණලා යයිද.?
කපිල Friday, 18 November 2022 02:38 PM
එක පෙලට දුම්රිය පිලි පැනීම පිලිබදව මට නම් ඇත්තේ සැකයක්