IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ කොළඹදී නිහඬ විරෝධතාවක

අගෝස්තු 30 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර අතුරුදන්වූවන්ගේ දිනයට සමගාමීව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු ශාඛාව සංවිධානය කළ සහයෝගීතා වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (28) පැවැත්විණි.

මෙරට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අතුරුදන්වූවන් සිහිපත් කරමින් ඔවුන්ගේ ඡායාරූප දැක්වෙන පෝස්ටර ප්‍රදර්ශනය කරමින් එම පවුල්වල සාමාජිකයෝ නිහඬ විරෝධතාවකද නිරත වූහ.

අතුරුදන්වීම් හා ඊට විරෝධය පළ කෙරෙන වීදි නාට්‍යයක් ද පැවැත්විණි.

(ඡායාරූප - ඉෂාන් සංජීව) 



අදහස් (10)

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ කොළඹදී නිහඬ විරෝධතාවක

emerson Tuesday, 28 August 2018 08:53 PM

ලංකාවේ ඇත්තටම අතුරුදන් කෙරුවේ 88 89 කාලේ. ඊට පස්සේ ප්‍රබාකරන් නිසා සැහෙන පිරිසක් අතුරුදන් උනා එත් ඒගැන අහන්න අද ප්‍රබාකරන් ජිවතුන් අතර නෑ .

:       4       70

akila Wednesday, 29 August 2018 02:05 AM

මේ ගොල්ලෝ පෙන්නන විදියට නම් එක්කෙනයි අතුරුදහන් වෙලා තියෙන්නේ

:       1       16

හුටං Wednesday, 29 August 2018 03:13 AM

අතුරුදහන් කලා නෙමෙයි ගොඩ දෙනෙක් අතුරුදහන් උනා. කැනඩාවේ එංගලන්තේ ප්‍රංශේ මැලේසියාවේ බැලුවොත් කට්ටිය හොයාගන්න බැරිවෙන එකක් නැහැ

:       2       28

ලුම්බිණි Wednesday, 29 August 2018 04:12 AM

1971 සිට මෑතක් දක්වා වරින් වර දේශපාලන හේතුන් මත ලාංකිකයන් අතුරු දහන් කල හැටි අමතක නැහැ. ඒත් එම වැරදි කරපු අයට දඬුවම් ලැබුනද කියලා සැක සහිතයි. රජයක යුතුකම වන්නේ මේ අයගේ ප්‍රශ්න වලට අඩු වශයෙන් පිළිතුරු දී වන්දියක් වත් ලබා දීමයි.

:       0       3

adiri Wednesday, 29 August 2018 05:56 AM

සිංහල අයත් මේකට එකතු වෙන්න ! හමුදාවේ 5000 අයගේ පවුලුත් එකතු වෙන්න.

:       0       41

thiwanka Wednesday, 29 August 2018 07:18 AM

මේක මාලදිවයිනේ කෙනෙක් ගැන නේද තියෙන්නේ.?

:       0       1

බණ්ඩාර Wednesday, 29 August 2018 07:19 AM

කර්මය කිසිවකුට පාලනය කළ නොහැක. මරණය නවතාලිය නොහැක. පාලකයන් රජවරුන්මය. අප ඔවුන්ගේ වහලුන්ය. පාලකයාට එරෙහි වීම ස්වභාවධර්මයාට එරෙහිවීමකි. අප මේ ගෙවන්නේ මහින්ද රජු එලවා දැමූ පාපයයි. එය ශාපයක් වී ඇත.

:       144       84

lankaWednesday, 29 August 2018 09:59 AM

ඔයා නම් වහලෙක් වෙන්න ඇති. අපි නම් ඡන්දෙන් පත් කරන කෙනාට කියන්නේ දේශපාලකයා කියලා මිසක් රජා කියලා නෙමෙයි. ඔබ වැනි අය ඉන්නකම්, අපිට මේ වහල් භාවයෙන් මිදෙන්න බෑ. ඔයා වගේ අය අදත් මෙහෙම හිතනවා නම්, රජ කාලේ සිංහල ජාතිය කොච්චර නෝන්ජල් විදිහට ඉන්න ඇද්ද? අපි යටත් විජිත වාදීන්ට යට වුණු හේතුව දැන් නම් අරුමයක් නෙමෙයි...

:       5       17

lanka Wednesday, 29 August 2018 07:44 AM

මේ දුක් දෑනෙන්නේ ඒ විපාකයට ගොදුරු වු අයගේ පවුලේ අයට මිසක් අන් අයට නෙමෙයි. දුක් දොම්නසට ජාතියක්, ආගමක් නෑ.

:       5       49

HafeelWednesday, 29 August 2018 08:40 AM

ඔබගේ අදහසට මමත් එකඟයි. ඒ දුක තේරන්නේ පීඩාවට පත්වූ පවුලේ අයට පමණයි. ත්‍රස්තවාදය නිසා කිහිපදෙනක් අතුරුදන් වුණා. නමුත් පැහිදිලිවම පහුගිය පාලන කාලය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය නිසා කිහිපදෙනක් අතුරුදන් කළා. බෙදුම්වාදී ත්‍රස්තවාදය හෝ රාජ්‍ය ත්‍රස්තාවදය හෝ දෙකම හෙලා දකිනවා.

:       2       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site