(අංජුල මහික වීරරත්න සහ මඩුකන්ද සිතුම් චතුරංග)
පේදුරුතුඩුවේ සිට හම්බන්තොට දක්වා සුවිශේෂි දියුණුවක් ඇතිකරමින් රටපුරා තරුණ තරුණියන් සඳහා උසස් ජීවිතයක් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේදී අද (04) පැවසීය.
ශ්‍රී ලංකාව බෙදී වෙන්වී යුද්ධ කළ කාලය අවසන් බව කී අග්‍රාමාත්‍යවරයා සංවර්ධන යුගය උදාවී ඇති හෙයින් සියලු දෙනා එක්ව සංවර්ධන යුද්ධය ජයග්‍රහනය කිරීම සඳහා පෙළගැසිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ යාපනය විශ්ව විද්‍යාලයට අයත් කිලිනොච්චිය අරවියර් නගර් පරිශ්‍රයේ ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
කිලිනොච්චි පරිශ්‍රයේ දේශන ශාලා , ශ්‍රවණාගාර , සිසු නේවාසිකාගාර සහ ගුරු නේවාසිකාගාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙදින විවෘත කෙරිණි. රුපියල් මිලියන 500ක වියදමින් මෙම ගොඩනැගිලි ඉදිකෙරිණි.
යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍යවරයා හින්දු සංස්කෘතික පිළිවෙත් අනුව ඉතා ඉහලින් පිළිගනු ලැබීය.





2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අගමැති යාපනය සරසවියේ ගොඩනැඟිලි විවෘත කිරිමට යයි
බද්රානි Saturday, 04 August 2018 06:26 PM
මොළේ විකුර්ති වලා ඉන්න උම්මන්තකන්ට උසස් අධ්‍යාපනයට නිකරුනේ වියදම් කරන වෙලාවේ, යාපනයේ සහ ඒ අවට දිස්ත්‍රික්ක වල වෙසෙන සිසුන්ට අධ්‍යාපනයට වියදම් කිරීමෙන්, කාලයත්, ශ්‍රමයත්, ධනයත් ඉතිරිවෙනවා මෙන්ම, අඩුතරමේ ඔවුන් වෙසෙන ප්‍රදේශ වල ජනතාවටවත් අවංකව සේවයක් කරාවි.