IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අගමැති ඉන්දියාවට ළඟාවෙයි

සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.

ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන, සන්නිවේදන, විද්‍යුත් සහ තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සන්ජේ දෝත්‍රා මහතා ගුවන් තොටුපොළේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් අයුරු.

ඡායාරූප - ඒ.එෆ්.පී.



අදහස් (7)

අගමැති ඉන්දියාවට ළඟාවෙයි

Champa Friday, 07 February 2020 03:57 PM

ලංකාවේ අගමැතිව පිළිගන්න ඇවිල්ලා තියෙන්නේ කවුද? හැබැයි මෙහෙ කොහොමද? නිකම්ම නිකම් ඉන්දියන් මහකොමසාරිස්ටත් පුළුවන් ලංකාවේ ජනාධිපති, අගැමති, කථානායක, විපක්ෂනායක තමන්ගේ දෙපතුළ ලඟට ගෙන්න ගන්න. අගමැතිතුමා යන්නේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන් 450ක ණයක් ගන්නලු. ඉන්දියාව කියන්නේ හරිම ලෝබරටක්. කවදාවත් ලේසියෙන් සල්ලි දෙන්නේ නැහැ... තමන්ට වාසියක් නැත්නම්. වහල් ආණ්ඩුව ආපු ගමන් වියදමට සල්ලි නැතුව ඉන්න කොට ඉන්දියාවෙන් ණයක් දීලා ඒක හරියටම දීපු දවසේ ඉල්ලුවා. තව එක දවසකින්වත් දිනේ දික් කරන්න බැහැ කිව්වා. ඊට පස්සේ රනිල් වෙන කොහෙන්ද ණයක් අරන් ඒක ගෙව්වා... මේ සල්ලි ඉන්දියාවේ නෙමෙයි. මේ සල්ලි දෙන්නේ ඇමරිකාව. ඇමරිකාව එම්සීසී ගිවිසුමට ලංකාව හිර කරන්න හදන්නේ ඉන්දියාවත් එක්ක එකතුවෙලා. මෙච්චර දෙයක් තේරෙන්නේ නැති දේශපාලකයින් ඉන්න එකම රට ලංකාව. අර නොදියුණු අප්‍රිකානු රටවල කුස පොත්තට ඇලිලත් ඒ මිනිස්සු සුද්දන්ට රටේ සම්පත් ගන්න දෙන්නේ නැහැ. තව එක සතයක් ණය ගන්නේ නැතුව අපේ රට හදන්න පුළුවන්කම තියෙද්දී මේ පින්බිම පාවා දෙන්න එපා අගමැතිතුමා. ඉතිහාසයේ කළු අකුරින් තමන්ගේ නම් ලියවෙන්න ඉඩ තියන්න එපා.

:       2       172

වසන්ත නිලමේ Saturday, 08 February 2020 07:53 AM

චම්පා නමින් කොමෙන්ට් දාන මහත්තයෝ, ඔයාට ආර්ථිකය ගැන දැනුමක් නැහැ... දන්නා දේ ගැන පමණක් කථා කරන්න. MCC ලංකාවට හොඳ දෙයක්, කඩාකප්පල් කරන්න නම් එපා රටේ ඉදිරි ගමන...

:       6       1

ChampaSaturday, 08 February 2020 03:15 PM

පළමුවෙන්ම ඔබේ මනස දියුණු කරගෙන ස්ත්‍රී පුරුෂයන් විදිහට මිනිසුන් වර්ග කර සිතන ඔබේ තියෙන අගතිගාමී යල් පැනපු අදහස් ඉවත් කරගන්න. එම්.සී.සී ලංකාවට හොදයි කියල කියන්නේ ඒ ගැන මෙලෝ හසරක් දන්නේ නැති මිනිස්සු. රටේ ස්වාධීනත්වය පාවා දීලා හරි නිකම් දෙන සල්ලි ගන්න හිතන මිනිස්සු ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. එම්.සී.සී ගිවිසුමේ සල්ලි දෙන්නේ ලංකාවේ යටිතල පහසුකම් දියුණු කරන්න කියල ඇමරිකාව කියනවා. ඉස්සෙල්ලා ඇමරිකාව තමන්ගේ රටේ යල් පැනගිය යටිතල පහසුකම් වැඩි දියුණු කරන හැටි බලන්න කියන්න. එම්.සී.සී මුදල් රටට දුන්නට ඒ සල්ලි නැවත යන්නේ ඇමරිකාවට කියන එක ආර්ථිකය ගැන සාමාන්‍ය දැනීමක් තියෙන මිනිහෙක්ට වුනත් තේරෙනවා. ඒ යනකොට අපිට අපේ අපේ වටින ඉඩම්, කෘෂිකර්මාන්තය, වෙනත් පාරම්පරික කර්මාන්ත, ගැමි සහ නාගරික කර්මාන්ත අහිමි වෙනවා විතරක් නෙමෙයි අපේ සංස්කෘතියත් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මේ ගැන ඕනේ තරම් ලියල තියෙනවා. මිනිස්සු වහල් ආණ්ඩුව එලෙව්වේ රට පාවා දෙන පාලනයක් බිහි කරන්න නෙමෙයි.

:       3       3

සූසන් ඩී ලා මොට් Saturday, 08 February 2020 08:03 AM

එදා සිරිමා මැතිණියව පිළිගන්න ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි අගමැතිතුමියම නවදිල්ලි ගුවන් තොටට පැමිණියා. අද අහලාවත් නැති පහළ ඇමති වරයෙක්...! අපේ රටට ගිය කලක් අනේ...

:       2       24

අලුත්225ක් තෝරමු Sunday, 09 February 2020 06:05 AM

මොන නිල ගමනක්ද ? වටිනාකමට සරිලන පරිද්දෙනුයි පිළිගැනීමත්…

:       2       3

කමලා ඉන්දීවරී Saturday, 08 February 2020 08:06 AM

යලි හිඟමනේ යන එක නවත්වන්න මගේ දෙයියෝ...

:       0       47

lalithm Monday, 10 February 2020 03:23 AM

බයිලා ගහලා බලය ගත්තට වඩා හොඳයි විපක්ෂයේ හිටියා නම් කියලා හිතෙනවා ඇති දැන් නම්... මෙහෙමත් හිඟාකෑමක්. එහෙම වුණත් තව නිකමුන් ලක්ෂයක් බෝ කරන්න කොළ බෙදන්නේ මොකටද? කොහෙන් හිඟා කාලා පඩි දෙන්නද නිකමුන්ට...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site