IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී.ල.නි.ප.ය හැරදා ගිය පක්‍ෂ ලේකම්වරු

 

1951 සැප්තැම්බර් 02 වැනි දින කොළඹ නගරශාලාවට රැස්වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ පිරිස නව පක්ෂයක ආරම්භය සනිටුහන් කරමින් සම ලේකම්වරු වශයෙන් තිදෙනෙකු පත්කර ගන්නාලදී. බර්නාඞ් අලුවිහාරේ, බද්උද්දීන් මොහොමඞ් හා එස්. තංගරාජා යන මහත්වරුන් ඒ තිදෙනායි. 


පක්ෂය පිහිටුවා එළඹි පළමු මැතිවරණයට 1952 දී මුහුණදුන් ශ්‍රී.ල.නි.පක්ෂය මන්ත්‍රී ධුර 09ක් ජයගත් අතර මාතලේ අසුන බර්නාඞ් අලුවිහාරේ මහතා ජයගනු ලැබුවේ වැඩි ඡන්ද 3316කිනි. නමුත් 1956 මහමැතිවරණය ආසන්න වෙද්දී සමලේකම් බර්නාඞ් අලුවිහාරේ මහතා එක්සත් ජාතික පක්ෂය හා එක් වූ අතර එම මැතිවරණයේදී එ.ජා. පක්ෂයෙන් මාතලේ අසුනට තරඟ කර වැඩි ඡන්ද 2590කින් පරාජයට පත් වූයේ ශ්‍රීලනි පක්ෂයේ නිමල් කරුණාතිලක මහතාටය. පක්ෂය හැරදා ගිය පළමු ලේකම්වරයා එසේ ඊළඟ මැතිවරණයේදී පරාජයට පත්විය.


1967 වනවිට ශ්‍රී.ල.නි. පක්ෂයේ මහලේකම් වශයෙන් සිටි ටී. බී. සුබසිංහ මහතා 1965 දීත්, 1970දීත් පැවැති මහ මැතිවරණවලදී වැඩි ඡන්ද 3445කින් හා 5825කින් කටුගම්පල ආසනය ජයගත් අතර 1977 මහ මැතිවරණය වනවිට පක්ෂයෙන් ඉවත්වී වාමාංශික එක්සත් පෙරමුණට එක්වූ අතර කටුගම්පල ආසනයේදී ඔහු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට පරාජය විය. එහිදී එ.ජා. පක්ෂ අපේක්ෂක වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා ඡන්ද 23,475ක්ද, ශ්‍රී.ල.නි. පක්ෂ අපේක්ෂක ලීලානන්ද වීරසිංහ මහතා ඡන්ද 14,455ක්ද ලබාගත් අතර වාමාංශික එක්සත් පෙරමුණේ අපේක්ෂක වූ ටී. බී. සුබසිංහ මහතා ඡන්ද ලබාගත්තේ 6365කි. බණ්ඩාරගම හර්බට් වික්‍රමසිංහ මහතා ලේකම් ධුරය දරමින් පක්ෂයට සේවය කළ අතර ඔහුගෙන් පසුව මහර එස්. කේ. කේ. සූරියආච්චි මහතා 1974 පමණ වන විට ලේකම් ධුරය දරමින් සිට එ.ජා. පක්ෂයට එක්වී දේශපාලනයෙන් සමුගත්තේය. පසුව සෝමසාර දසනායක මහතා ලේකම් ධුරය දැරුවේ දේශපාලන පොරපිටියට ඇතුළත් නොවූ කෙනෙක් ලෙසය. පසු කාලයේ ඔහු ලේකම් ධුරයෙන් ඉවත්වී සඟ සසුනට ඇතුළත් විය. 1977 - 1984 යුගයේ ශ්‍රී.ල.නි. පක්ෂයේ ලේකම් ධුරය දරණ ලද්දේ රත්නසිරි වික්‍රමනායක මහතා විසිනි.

එතුමාගේ යුගයේ පක්ෂයේ ව්‍යුහය වෙනස් කරමින් පක්ෂයට මධ්‍යම කාරක සභාවක් පත් කළ අතර 1981දී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 21 දෙනාගෙන් 16 දෙනෙක් පක්ෂයෙන් ඉවත් වූයේ මෛත්‍රීපාල සේනානායක, අනුර බණ්ඩාරනායකද සමගිනි. 


එසේ ඉවත් වූ පක්ෂයේ සභාපති හා ලේකම් හැර අනෙකුත් නතතුරු දැරූ වැඩි දෙනා මෙසේ ඉවත් වී වෙනම ශ්‍රී.ල.නි. පක්ෂයක් බිහිකළ අනුර පක්ෂ මූලස්ථානයද අල්ලා ගත්තේය. නමුත් උසාවි තීන්දුවකින් නියම ශ්‍රී.ල.නි. පක්ෂය ලෙස මැතිනිය හා රන්නසිරි වික්‍රමනායක මහතා නායකත්වය දුන් පක්ෂය තීන්දු වූයෙන් පක්ෂයෙන් ඉවත්වූ වැඩිදෙනා එක්සත් ජාතික පක්ෂයට එක්වී දේශපාලන වශයෙන් වල්මත් වූහ.


රත්නසිරි වික්‍රමනායකගෙන් පසුව ධර්මසිරි සේනානායක මහතා ශ්‍රී.ල.නි. පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ අතර 1990 පමණ වනවිට ජේ. ආර්. පී. සුරියප්පෙරුම මහතා පක්ෂයේ ලේකම් වී සිටිමින් පසුව එ.ජා. පක්ෂයට එකතු විය.


2000 පමණ වනවිට පක්ෂයේ ලේකම් ධුරය සඳහා එස්. බී. දිසානායක මහතා පත්වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ සහය ලබා ඒ සඳහා ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කරමිනි. නමුත් එස්. බී. දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වී පක්ෂය හැරදා ගිය අතර මෛත්‍රීපාල සිරිසේන නව මහලේකම්වරයා ලෙස වසර 13ක් සේවය කර නොබෝදා එ.ජා. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීමේ කොන්ත්‍රාත්තුව ඉටුකිරීමට පක්ෂය හැරදා ගොසිනි.


කෙසේ නමුත් ශ්‍රී.ල.නි. පක්ෂය හැරදා ගිය පක්ෂ ලේකම්වරු හා නායකයින් දුසිම් ගණනක් වූවත් ශ්‍රී.ල.නි. පක්ෂය නිරුපද්‍රිතව වර්ධනය වී ඇත. අද පක්ෂය කඩාගෙන යන අයගේ අනාගතය කාලයා විසින් විසඳා දෙනු ඇත.


බණ්ඩාරගම - සමරසේන මුදලිගේ



අදහස් (0)

ශ්‍රී.ල.නි.ප.ය හැරදා ගිය පක්‍ෂ ලේකම්වරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site