
යුද්ධයක් වුවද සිදුකෙරෙන්නේ සම්මුතීන්, සම්ප්‍රදායන් හා නීතියට යටත්වය. එකී සීමාවන් උල්ලංඝණය කළ විට “යුද අපරාධ” චෝදනා නැගේ. යුද සදාචාරය යනු එබඳු චෝදනා පැන නොනගින ලෙස යුද වැදීමය.
යුද බිමකදී නොවූව ද බුද්ධ චීවරය හා පොලිස් නිල ඇඳුම මෙසේ මුහුණට මුහුණ හමු වූයේ සටන් බිමකදීය. චීවරයට අත තැබීම සදාචාර විරෝධීය. පොලිස් නිල ඇඳුමට අත තැබීම නීති විරෝධීය. අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩය කොළඹ කොටුවේ සංවිධානය කළ උද්ඝෝෂණයකදී එළැඹුණ මේ මොහොත සදාචාරයත්, නීතියත් රකිමින් අරගල කරන්නේ කෙසේ ද යන්න පරීක්ෂා කළ අවස්ථාවකි.
අවධානය යොමු කළ යුතු වන්නේ සදාචාරයත්,නීතියත් එකිනෙක ගැටුණහොත් අපේ රටට කුමක් වේද යන්න ගැනය.
ඡායාරූපය : ශමීර රාජපක්‍ෂ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ දර්ශනය අවිහිංසාව මත පදනම් වුවක් . එම දර්ශනයට එරෙහිව කටයුතු කරනා සුළුතරයක් චීවරධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඒ ඒ නිකාය වල අධිකරණ සංඝ නායක හිමිවරුන් හෝ මහානායක හිමිවරුන් කටයුතු නොකිරීමෙන්, විනයධර ධර්මධර ගරුතර ස්වාමීන්වහන්සේලාට ලැබිය යුතු ගෞරවයත් නැති වෙනවා .
බුදුදහම ගැන අංශු මාත්‍රයක දැනුමක් ඇත්නම් මෙවැනි පෙනුමක් ඇති අයෙකුට භික්ෂුවක් යයි කියයිද?
වගකිය යුත්තනි පිරිවෙන් අධ්‍යාපනය පමනක් ලබාදීමෙන් මේ ප්‍රශ්නය විසදන්න පුලුවන් ලේසියෙන්ම ගිහියන් සමග මොන විකාරයක්ද මේ
ඇයි භික්ෂුවකට අදාල මොන පෙනුමද , භික්ෂුව මොන පෙනුමෙන්ද ඉන්න ඕන , බඩගෝස්තර වාදීන්ට එරෙහි සටනේදී පොලිස් නිලදරුවගේ භූමිකාව සැහීමකට පත්විය හැකියි , විවේචකයන්ගේ බුද්ධි මට්ටම ප්‍රශ්නකාරියි.