
මඩකළපුවේ සිට බන්ධනාගාරයට රැගෙන ආ බාලවයස්කාර එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් සිහිවිකල් තත්ත්වයට පත්වූවාය. බන්ධනාගාර වැසිකිළිය තුළදී අනෙකුත් රැඳවියන් පහරදීම හේතුවෙන් ඇය එම තත්ත්වයට පත්වූ බව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් විසින් නිලධාරිනියන්ට දන්වා තිබූ බව මම දැනගත්තෙමි.

ඇතැම් රැඳවියන්ගේ මව - පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ඔවුන් බැලීමට නොපැමිණීම හේතුවෙන් එම රැඳවියෝ නිසි කලට ආහාර නොගෙන හා නිදිමැරීමෙන් ලෙඩ රෝගවලට ගොදුරු වී සිටියහ. බොහෝ එල්.ටී.ටී.ඊ. කාන්තා රැඳවියෝ මත්පැන් දුම්වැටි හා මත්ද්‍රව්‍යවලට ගොදුරුව සිටියහ. ඒවා බන්ධනාගාරය තුළ බෙදාහැරියේ ද මුදලාලිලා මෙන් කටයුතු කළ කාන්තා රැඳවියන්මය. මෙම කාන්තා රැඳවියෝ ටික කලක් බන්ධනාගාරගතව සිට ඇප ලබා පිටව යති. එහෙත් ටික දිනකින් ඔවූහු යළිත් බන්ධනාගාර ගත වෙති. ඔවුන් මෙසේ ටික දිනකින් බන්ධනාගාරයට එන්නේ ඔවුන්ගේ ව්‍යාපාරය දිගටම කරගෙන යාමට බව මම අවබෝධ කර ගත්තෙමි. එම කාන්තාවන්ට දුරකථන පහසුකම් ද තිබිණි.
දිනක් සවස 4.30ට පමණ මම අතපය සෝදා ගෙන සිර මැදිරිය වෙත එමින් සිටියෙමි. ඒ මොහොතේදී මාගේ හිසට ඉහළින් පියාසර කළ පාර්සලයක් මා ඉදිරිපිට බිම වැටිණ. ඒ කුමක් දැයි කියා නොබලාම මම එම පාර්සලය පසුකර ගියෙමි. ඒ යුද සමයේදී මා ලබා තිබූ අත්දැකීම් නිසාය. කෙසේ වෙතත් පසුව මට දැනගැනීමට ලැබුණේ එය පාන් රාත්තලක් බවය.
හිසට ඉහළින් විසි වූ පාර්සලය දෙස නොබලා ගමන් කළ මම පසුව හැරී බැලුවෙමි. එවිට මා දුටුවේ බන්ධනාගාරගතව සිටින සිංහල කාන්තාවක එම පාර්සලය රැගෙන දුවන අයුරුය. කෙසේ වෙතත් තවත් කලකදී මට දැන ගැනීමට ලැබුණේ එම පාන් රාත්තල තුළ කුඩු පැකට් තිබූ බවය. මෙවැනි සිදුවීම් නිසා බන්ධනාගාරයට ලැබෙන සෑම පාර්සලයක්ම තියුණු පරීක්ෂාවට ලක් විය.
බන්ධනාගාරගතව සිටි එම කාන්තාවෝ පිටත සිටින කෝටිපති කුඩු ජාවාරම්කරුවන්ගේ නියෝජිතයෝ ලෙස කටයුතු කළහ. බන්ධනාගාරය තුළට කෙසේ හෝ ගෙන්වා ගන්නා මෙම කුඩු තොග වැසිකිළිවල හා වෙනත් රහසිගත ස්ථානවල සඟවා තබන ඔවූහු පසුව ඒවා වැඩි මිලට විකුණූහ.
සෑම දිනකම සවස හයට රැඳවියන් ගණන් කර තහවුරු කර ගැනීමෙන් පසුව සිර මැදිරි තුළට දමා වසා දමති. එසේ වසා දැමීමෙන් පසුව රැඳවියන්ගේ අණසක පැතිරීම සිදුවේ. ඉන්පසුව එය ඔවුන්ගේ රාජධානිය බවට පත්වේ. ජංගම දුරකථන චාර්ජ් කිරීම, දුරකථන ඇමතුම් ගැනීම, කුඩු පාවිච්චි කිරීම, මත්පැන් පාවිච්චි කිරීම, දුම්වැටි දල්වා ගැනීම ආදිය ආරම්භ වන්නේ ඉන් පසුවය. රණ්ඩු දබර ඇති කර ගැනීම ද සිදුවේ. ඇතැම් ආරවුල් ඉතා සුළුවෙන් ඇරඹී මහා පරිමාණ කෝලහාල බවට පත්වේ. ඇතැම් අවස්ථාවල නිලධාරිනියෝ පැමිණෙති. එහිදී සියල්ලෝම පූස් පැටවුන් මෙන් නිහඬ වෙති.
කාන්තාවන් රඳවා සිටින සිර මැදිරි විවෘත කිරීමට බලය තිබෙන්නේ උසස් නිලධාරිනියන්ට පමණි. වෙනත් කිසිවකුට එම සිර මැදිරි විවෘත කිරීමට බලය නොමැති වුවද මුදල් යහමින් ඇති කාන්තාවන්ට ඔවුන්ට අවශ්‍ය වෙලාවට එම සිර මැදිරි විවෘත කර ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඇතැම් නිලධාරීන් සහයෝගය දක්වන ආකාරය මම දැක්කෙමි.
බන්ධනාගාරය පරීක්ෂා කිරීමට නිලධාරිනියන් පැමිණෙන විට “සුනාමිය එනවා” යනුවෙන් ඒ සංඥාව ලබාදීමට කවුරුත් කටයුතු කළහ. එවැනි අවස්ථාවලදී වැරැදි කරන අය මෙන්ම නොකරන අය ද බියෙන් පසුවෙති. එහිදී එකම පවුලේ දරුවන් මෙන් අපි කටයුතු කරමු.
ඉතිරිය ලබන සතියට.
පරිවර්තනය : එස්. තිලෙයිනාදන්
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2222
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලිකඩ ජරමර