( චමිල් රුපසිංහ)
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන 20 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් 116 ක් අද (20) දහවල් වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් පිළිගත් දේශපාලන පක්ෂ වලින් පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීම් 54 ක් සිදුකර තිබෙන බවත් මහනුවර තේරීම්භාර නිලධාරී එච්.එම්.පී හිටිසේකර මහතා පැවසීය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී අද (20) පස්වරුවේ පැවැති මාධ්‍යය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් ඇතැම් පළාත් පාලන ආයතන සඳහා මෙම පක්ෂ නාම යෝජනාද ඉදිරිපත් කර තිබෙන බවද ඔහු සඳහන් කලේය.
මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා 10,97,342 ක් සුදුසුකම් ලබා තිබෙන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහනුවර දේශපාලන පක්ෂ 116ක් ඡන්ද සටනට