IMG-LOGO

පොහොට්ටුව උතුරට ඇප බඳියි

(රොමේෂ් මධුෂංඛ)

එළැඹෙන පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අද(8) උතුරු පළාත වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරිණි.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් වව්නියාව දිස්ත්‍රීක්ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී වව්නියාව හා මුලතිව් දිස්ත්‍රීක්කයන්ට ඇප මුදල් තැන්පත් කළහ.



අදහස් (7)

පොහොට්ටුව උතුරට ඇප බඳියි

Sathyayaa Friday, 08 December 2017 09:13 PM

මහින්ද මලක් නොවුණට තරුණ කාලයේ නාමල් ට වඩා සුවඳ හැමුවා. මහින්ද වසර 40ක දේශපාලනයක් කලත්, කවදාවත් පොහොට්ටුවක් වුණෙත් නැහැ, මලක් වුණෙත් නැහැ. ඔහු පිළිබඳ මතකය ජනතා හදවත් තුල එක්තරා අන්දමක සුවඳක් විහිදුවත් ඔහුගේම අදුරදර්ශී බව නිසාම කෙමෙන් වියැකී යන මලක් බවට පත් වුණා. මහින්ද කෙසේ වෙතත් ඔහුගේ ගෝල බාලයින් පොහොට්ටුවක් ලෙසින් මහින්දව නැවත ලස්සනට අන්දවා තිබෙනවා. ඔහුගේ පියාටත් සරණක් වූ (ශ්‍රීලනිප) අත අද ඔහුට අහිමිව තිබෙන්නේ දෛවයේ සරදමක් නිසාද? වසර 65ක් තිස්සේ අතට තවමත් අත දෙන ජනතාවක් ඉන්නේ බණ්ඩාරනායක නමට ජනතාව තුල ඇති අසීමිත ගෞරවය නිසයි. රාජපක්ෂලා පොහොට්ටුවක් සමගින් ලංකා දේශපාලනයේ කොපමණ කාලයක් රැඳී සිටිත්දැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටිනවා.

:       0       0

rohana kumara mendis Saturday, 09 December 2017 01:58 PM

මට හිනත් යනවා. කමක් නැහැ යාපනයට මාර සංවර්ධනයක්නේ කලේ මෙයාලා නේද? අර උතුරු වසන්තය එහෙම නේද? හොඳා හොඳා... දිනයි දිනයි.

:       640       509

gunarathnaSaturday, 09 December 2017 03:10 PM

යාපනය සංවර්ධනය කෙරුවේ මහින්ද නැති නම් බාප්පද? ලංකාවේ ඉන්න කෙනෙක් නම් මෙහෙම ගොන් කතා කියන්නේ නැහැ. ඔයා ජීවත් වෙන්නේ ලංකාවේද සෝමාලියාවේද?

:       605       849

rohana kumara mendisSaturday, 09 December 2017 07:55 PM

අපෝ අපි දැක්කා ගුණරත්න මහත්තයෝ යාපනේ අයට කරලා තියෙන උදවු. ටකරන් වලින් හදපු ටකරන් මඩු තමයි දැක්කේ ඒවත් කලේ ඒ මනුසයින්ට උන්හිටි තැන නැති කරලා. අඩුගානේ අර රත්තරන් බඩුවත් දුන්නද ඒ මිනිසුන්ට.

:       407       313

OshanSunday, 10 December 2017 05:00 AM

මහින්ද මහත්තයා මුලු පවුලම සංවර්ධනය කළා..

:       0       0

damithMonday, 11 December 2017 05:44 AM

මේවා රටේි සල්ලි. ඡන්දෙ අරන් එන දේශපාළුවෝ කල යුත්තෙ රටට කරන එක තමයි. නමුත් මෙහෙ වුනේ පවුලට කරගත්තු එකයි. මේච්චර දිළිදු රටේ මිලියන ගණන් වියදම් කරලා මියගොස් වසර 30 -40 වුනු අයගේ සොහොන් කොත් හදපු එකයි .

:       0       0

gunarathnaMonday, 11 December 2017 12:36 AM

සංවර්ධනය කියන්නේ ගෙවල් හදන එක කියලා හිතන මෝඩයෝ ඉන්න රටක වෙන මොනවා කියන්නද? යාපනේට කෝච්චි පාර හදපු එක, මහාමාර්ග හදපු එකම ඇති. යාපනයේ සංවර්ධනය ගැන හිතන්න. යුද්ධය කාලේ යාපනේට ගිය කෙනෙක් නම් කෝච්චි පාර තිබුනේ කොහොමද කියලා ඇස් දෙකට දැකපු කෙනෙක් නම් මෙහෙම ගොන් කතා කියන්නේ නැහැ. කොළපාට, නිල්පාට, රතු පාට කණ්ණාඩි ගලවලා තමුන්ගේ ඇස් දෙකෙන් බැලුවොත් ලෝකේ හුඟක් දේවල් බලන්න පුළුවන් මහත්තයෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 333 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 809 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site