IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුංචි ඡන්දේට නුවරඑළියෙන් අපේක්ෂකයන් 2237 ක්

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
 
2018 පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන 12 ක් සඳහා මෙවර අපේක්ෂකයින් 2237 දෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂ වලින් හා ස්වාධීන කණ්ඩායම් ගණනාවකින් ඉදිරිපත් වී ඇත.

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ 2016 සංඛ්‍යා ලේඛණ යටතේ 711644 ක් වු ජනතාවගෙන් 562188 දෙනෙකුට මෙවර තම නියෝජිතයින් තෝරා ගැනීමට ඡන්ද බලය හිමි ය. නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන 504 ක් තුළදී එම ඡන්ද ප‍්‍රකාශ කිරීමේ වරප‍්‍රසාදය හිමි වී ඇත. 

ඒ අනුව නුවරඑළිය මහ නගර සභාවේ ඡන්ද මධ්‍යස්ථාන 17 ක් තුළ දී 18516 දෙනෙකුට ද, හඟුරන්කෙත ප‍්‍රාදේශීය සභාව ඡන්ද මධ්‍යස්ථාන 72 කදි 73642 කට ද, වලපනේ ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද මධ්‍යස්ථාන 92 කදී 85881 දෙනෙකුට ද ඡන්දය පාවිච්චි කිරීමට අයිතිය ලැබී ඇත.

අඹගමුව ප‍්‍රාදේශීය සභාව සඳහා ඡන්ද මධ්‍යස්ථාන 48 ක් තුළ දී 51421 දෙනෙකුට ඡන්ද පාවිච්චි කිරීමේ වරම් හිමි වී ඇත. කොත්මලේ ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද මධ්‍යස්ථාන 89 ක් තුළ දී 82139 දෙනෙකුට ඡන්දය පාවිච්චි කිරීමට හැකිය. 

ළිඳුල තලවාකැලේ නගර සභාවට ඡන්ද මධ්‍යස්ථාන 5 ක් තුළදී 3933 දෙනෙකුට ඡන්දය පාවිච්චි කිරීමට අවකාශ ලැබේ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද මධ්‍යස්ථාන 38 දී 48682 දෙදෙනෙකුට ඡන්දය පාවිචිචි කිරීමට අවකාශය ලැබේ.

නොර්වුඞ් ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද මධ්‍යස්ථාන 41 ක් තුළදී 8854 දෙනෙකුට තම ඡන්දය පාවිච්චි කිරීමට හැකියාව ඇත. මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව සඳහා ඡන්ද මධ්‍යස්ථාන 30 ක් වන අතර එහිදි 37827 දෙනෙකුට ඡන්දය පාවිච්චි කිරීමට හැකිය.

හැටන් දික්ඔය නගර සභාව සඳහා ඡන්ද මධ්‍යස්ථාන 6 කදී 9801 ක් වු ජනතාවකට ඡන්දය පාවිච්චි කළ හැක.කොටගල ප‍්‍රාදේශීය සභාව සඳහා ඡන්ද මධ්‍යස්ථාන 33 කදී 44423 කට ඡන්දය ප‍්‍රකාශ කළ හැක. ආගරපතන ප‍්‍රදේශීය සභාව සඳහා ඡන්ද මධ්‍යස්ථාන 31 කදී 43906 කට ඡන්දය ප‍්‍රකාශ කළ හැක.



අදහස් (2)

පුංචි ඡන්දේට නුවරඑළියෙන් අපේක්ෂකයන් 2237 ක්

Bamunuarachchi Sunday, 31 December 2017 12:34 AM

රටට තඹ දොයුතුවක ප්‍රයෝජනයක් නැති එවුන් 2237 කට අපේ බදු වලින් වියදම් කොරන්නේ අපේ මොන කරුමයකටද? මුන්ට චන්දය දෙන එවුනට වැසිනැති හෙන ගහන්න ඕනෙය

:       23       1

pakeer Monday, 01 January 2018 04:09 AM

ඉහත කොමන්ට් එක දාපු එක්කෙනාට 23 ක් හෙලා දැකලා තියෙනවා 1 ක් අනුමත කරලා. එ්කෙන්ම පේනවා මේ රටේ ඉන්න හරක්ගේ ප්‍රතිශතයේ විශාලත්වය. ඉතින් මේ අය එක්කද රට හදන්නේ? මේ අයත් හොඳයි රට කන දේශපාලකයන්ටම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site