IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහි පෙත්සම් අට හෙට විභාගයට

( තිළිණි ද සිල්වා, රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් අටම හෙට(16 ) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබීම හේතුවෙන් මෙම පෙත්සම සළකා බැලීම හෙට (16) දිනය තෙක් කල් තැබීමට නියම කෙරිණි.

මහරගම නගර සභාවට පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී අභියාචනාධිකරණ විනසුරු ශිරාන් ගුණරත්න මහතා එලෙස නියම කළේය.

මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ඉදිරිපත් කළ එහි අපේක්‍ෂයින් වන නිශාන්ත විමලචන්ද්‍ර මහතා, ඉනෝකා අනුරාධා රණවීර මහත්මිය, එස්. ගුණසේකර මහතා, ඒ.පී. චමින්ද මහතා සහ ඩබ්ලිව්.ඞී. අමරපාල මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.

මෙහි වගඋත්තරකරුවන් වශ්‍යයෙන් ඞී. වනිගසේකර මහතා මහරගම නගර සභා තේරීම් බාර නිලධාරී, සුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්, කබීර් හෂීම් එක්සම් ජනතා පක්‍ෂයේ ලේකම් සහ ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ඇතුළු පස්දෙනෙකු නම් කරනු ලැබ ඇත.



අදහස් (3)

නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහි පෙත්සම් අට හෙට විභාගයට

chanduli lehansha Monday, 15 January 2018 02:08 PM

හරියට ෆෝම් එකක්වත් පුරෝ ගන්න බැරි අයට සුදුසු රස්සාවට තමයි එයාලා ඉල්ලලා තියෙන්නේ.ඉතින් එයාලට අවස්ථාව දෙන එකනේ හොඳ.............!

:       0       11

Sanath Monday, 15 January 2018 07:02 PM

ඊයේ දෙහිඅත්තකඩියට දුන්න තීණ්දුවම අනිත් නඩු වලටත් ලැබෙන්න ඕන​. නැතිනම් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රශ්ණකාරී වෙනවා.

:       0       34

සපුමල් බණ්ඩාර​ Tuesday, 16 January 2018 04:12 AM

අපි බලමු. ඊයෙ දෙහිඅත්තකණ්ඬියට දුන්න තීණ්ඳුවම අදත් ලැබෙයිද කියලා. එහෙම නොවුනොත් මේ රටේ ජනතාව තීරණය කරයි ඇත්තටම අධිකරණය ස්වාධීනද කියලා. ඉහල තැන්වල තවම ඉන්නේ කලින් ආණ්ඬුවෙන් පත් කරපු නිලධාරීන්.

:       6       117

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31025 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site