IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නෑනා වෙනුවෙන් පෝස්ටර් ගැසූ සමෘද්ධි නිලධාරිණිය මාරු

( ජුඩ් සමන්ත)

තම නෑනාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ බව කියන සමෘද්ධි සංවර්ධන නිලධාරිණියක වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළ බව පුත්තලම දිසා ලේකම් සහ තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පවසයි.

ඒ අනුව අදාළ සමෘද්ධි සංවර්ධන නිලධාරිණිය පල්ලම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ සිට පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කර ඇත.

එම නිලධාරිණියගේ සහෝදරයාගේ බිරිඳ ආණමඩුව ප්‍රාදේශීය සභාව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂිකාවක වන අතර තමා වෙනුවෙන් නෑනා ජයග්‍රහණය කර දෙන ලෙස එම නිලධාරිණිය මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ප්‍රදේශය පුරා අලවා අලවා ඇත.මීට අමතරව අත්පත්‍රිකා ද බෙදා හැර තිබේ.

මේ සම්බන්ධයෙන් ගම්වාසීන් පල්ලම ප්‍රාදේශීය ලේකම්වරියට සහ පල්ලම පොලීසියට පැමිණිළි කර තිබිණි.

මැතිවරණයට පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම තහනම් බැවින් ඒ සම්බන්ධයෙන්ද මැතිවරණ දෙපාර්තමේන්තුව වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.



අදහස් (4)

නෑනා වෙනුවෙන් පෝස්ටර් ගැසූ සමෘද්ධි නිලධාරිණිය මාරු

siri Thursday, 25 January 2018 10:22 AM

අපේ කාලෙනම් ඔහොම නෑ. රැස්වීම් වලට සෙනඟ එහෙම ගෙනාවේ, ටී ෂර්ට්, තොප්පි ආදිය බෙදුවේ, පෝස්ටර් ගැහුවේ, ලස්සන පින්තුර එක්ක පොත් බෙදුවේ, සිල් රෙදි බෙදුවේ, ඔරලෝසු බෙදුවේ, යෝධ කටවුට් ගැහුවේ, රස්වීම් වලට ගමෙන් එන්නේ නැත්තේ කවුද කියලා ලකුණු කර ගත්තේ, බත් පැකට් එක්ක ඇඟ රත්වෙන්න බොන බීම වර්ග බෙදුවේ මෙකී නොකී සේරම දේකලේ සමෘද්ධි කට්ටියනේ. මොනවද මේ වැඩ...?

:       0       15

ranjith Thursday, 25 January 2018 01:34 PM

සමෘද්ධි නිලධාරීන් මේකම තමයි හැමදාම කරේ... තවම පුරුද්ද අත අරින්න බැහැ වගේ... හොඳ දඬුවමක්...

:       0       36

Sathyayaa Thursday, 25 January 2018 01:41 PM

පොහොට්ටුව පිපෙන්නත් කලින් කරන්නේ ඔය වගේ ජරා වැඩ නම් බලයක් ලැබුණොත් මොනවා නොකර ඉඳීවිද? සමීක්ෂණයක් කර බලන්න වටිනවා... මේ පක්ෂයේ නායකයින්ගේ සිට පොඩිම කෙනා දක්වා ඡන්ද වැඩට බැහැලා තියෙන්නේ වස්ත්‍ර ඇඳගෙනද?

:       0       21

ffsfs Friday, 26 January 2018 11:43 AM

ඔබගේ අදහස්වලට ස්තුතියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site