ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලැබෙන තෙක් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යෑමට අද දහවල් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තිලංග සුමතිපාල මහතා - ඊයේ රාත්‍රී නිවේදනයක් ගැන මගෙන් ඇසුවා. ඒ ප්‍රකාශනය සත්‍යයක්. ජාතික රජයේ හවුල්කාර පක්ෂයක් වෙන එක්සත් ජනතා සන්ධානය ජාතික ආණ්ඩුවක් හැදුවා.
ඉන් ඉවත් වෙන්න අපි ජනාධිපතිවරයාගේ අවසර ඉල්ලුවා. ජනපති අපේ පක්ෂයේ සභාපති විදියටයි අපි ඉල්ලුවේ. ජනපති අපිට කිව්වේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ 2015 සැප්තැම්බර් ප්‍රකාශ කළ ජාතික රජයෙන් ඉවත්වීමත් සමඟ රටේ ස්ථාවර භාවයට ගැටළුවක් වෙන්න පුලුවන් කිව්වා. එවැනි අවස්ථාවක් ඇති වුණොත් නීතිපති සමඟ සාකච්ඡා කරලා මොකද කරන්නේ කියන්නම් කිව්වා.
නීතිපතිවරයා කිව්වේ ජාතික රජයක් නොවන අවස්ථාවක මේ ගැන පැහැදිලි කිරිමක් කරන්න බෑ කියලා. මේ පිළිබඳ සුප්‍රිම් උසාවියෙන් මත විමසීමක් කරන්න පුළුවන් ජනපතිට පමණයි. මේ ගැන ජනපතිට සුප්‍රිම් උසාවියෙන් විමසන ලෙස නීතිපති දැනුම් දී තිබුණා. ඊයේ රාත්‍රී තිබුණේ එම තත්ත්වයයි.
අද දවල් යළිත් එක්ස්ත් ජනතා නිදහස් සන්ධානය කැඳවලා යළි සාකච්ඡා කළා. ජනපතිගේ ඉල්ලීම වුණේ සුප්‍රිම් උසාවියේ පිළිතුරු ලැබෙන කම් රටේ තත්ත්වය ඒ ආකාරයෙන් පවත්වාගෙන යා යුතු බවයි. සන්ධානයේ කවුරුත් අද උදේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබුණේ නෑ. “ යයිද තිලංග සුමතිපාල මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජාතික ආණ්ඩුව දිගටම යනවා - තිලංග
Jayasinhe Monday, 19 February 2018 11:39 AM
මේ අය ඔහොම්මයි... රණ්ඩුවක්වත් හරියට කරගන්න බෑ. අන්තිමට බැලුවාම ගහපු පදේකුත් නෑ, එ්කේ සල්ලිත් නෑ. ජාතික ආණ්ඩුව ඉස්සරහට ගියොත් නම් එජාපය නැත්තටම නැතිවෙනවා. ජනාධිපතිතුමා ඊළඟ පාර ඉල්ලන එක කෙසේවෙතත් අවුරුදු 5 බේරාගත්තොත් ලොකු දෙයක්....
Lanka Perera Monday, 19 February 2018 11:49 AM
අපේ මොළෙත් කචල් වෙනවා.. මෙයාලා කියන දේ අහලා...
rama Monday, 19 February 2018 12:59 PM
අපි කිව්වේ ඕක තමයි.. එලෙක්ෂන් ඉවර වුණාම ඔක්කොම ඉවරයි. පරාජිතයින්ට ආයේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ.. දැන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. රට, සාමකාමී ආණ්ඩුව දිනුම්. මහජනතාවට පරදි නාටක මාරයි. රට හමාරයි.
RaveendraMonday, 19 February 2018 04:19 PM
rama මයා වෙත, ඔබගේ අදහස් නිවැරදි වන අතර දියවන්න ඔයේ අයගෙ පවුල් පිටින් සැමවිටම දිනුම්, "උපරිමයෙන්ම උගත්" ඡන්ද දායකයා සැමදා එහෙමමය.
Raveendra Tuesday, 20 February 2018 07:02 AM
"තිරිංග " වරදාන අතහැර ගන්න බැරිව වගේ තටමන්නේ...