(කාංචන කුමාර ආරියදාස)
මාතලේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව නොමිලේ වන්දනාවේ කැඳවාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා විසින් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන්නැයි ජාතික මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා යවා තිබේ.
එම ප්‍රදේශවල පුද්ගලයන් 595 දෙනකු බස්රථ 13කින් නොමිලේ එක්දින වන්දනා චාරිකාවක් සඳහා අද(19) රැගෙන යෑමට සූදානම් කොට තිබු බව ලග්ගල පොලිසියට සහ මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි ලැබී තිබුණු බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පැවසීය.
දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන නියෝජිතයකු විසින් මෙය සංවිධානය කරන බවත් එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ලග්ගල විල්ගමුව ප්‍රාදේශීය සභා සඳහා නියෝජනය කරන අපේක්ෂකයින් විසින් එම කොට්ඨාසවල පදිංචිකරුවන්ට මෙම නොමිලේ වන්දනා පහසුකම ලබාදීමේ කටයුතු සිදුකෙරෙන බවත් එම පැමිණිලිවල සදහන්ව තිබුණු බවද හෙතෙම සඳහන් කෙළේය.
මේ පිළිබඳව පරීක්ෂා කර බැලීමේදී පෞද්ගලික සංචාරක ආයතනයක් විසින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගේ ව්‍යාපාරයෙන් ලැබූ ලාභයෙන් කොටසත් මෙම ජනතාවට වියදම් කොට වන්දනාවේ රැගෙන යෑම සිදු කරන බවත් මේ සඳහා දේශපාලන අරමුණක් නැති බවත් සංචාරකයින් ප්‍රකාශ කළ බව සහකාර මැතිවරණ කොමසාරිස් කියා සිටියේය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1543										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඡන්ද නීති කඩමින් නොමිලේ වන්දනාවක්
minipe Saturday, 20 January 2018 05:00 PM
අනේ කොච්චර පිනක්ද.