IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගාල්ලේ විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

අමල්  වික්‍රමරත්න
 
පළාත් පාලන මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන 5 සඳහා නාම යෝජනා භාර ගැනීම අද(14) අවසන් කෙරුණු අතර එහිදී පිළිගත් දේශපාලන පක්‍ෂ හයකින් සහ ස්වාධීන කණ්ඩායම් හතරකින් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණි.

එක්සත් ජනතා නිදහස් සංධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් පෙරමුණ  සහ ජාතික ජනතා පක්ෂය යන පිළිගත් දේශපාලන පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා භාර දී තිබිණි.
අම්බලන්ගොඩ නගර සභාව, හික්කඩුව නගර සභාව, නෙළුව බලපිටිය සහ අක්මීමන යන පළාත් පාලන ආයතන සදහා එම දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇතුළු කණ්ඩායම් 10ක් මෙවර ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරග වැද සිටී.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන පහටම තරග කරන අතර එක්සත් ජනතා නිදහස් පෙරමුන අක්මීමන ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන සදහා තරග කරයි.
මේ අතර ජාතික ජනතා පක්ෂය මැතිවරණ පැවැත්වෙන පළාත් පාලන ආයතන පහෙන් නෙළුව ප්‍රාදේශීය සභාවට පමණක් තරග කිරීමට අපේක්ෂකයන් ඉදිරිපත්කර ඇත.
මෙයට අමතරව අක්මීමන ප්‍රාදේශීය සභාව සහ බලපිටිය ප්‍රාදේශීය සභාවට  ස්වාධීන කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් හතරක්ද තරග වැදීමට නාමයෝජනා භාරදී ඇත.
නාමයෝජනා අවසන්වීමෙන් පසුව විරෝධතා දැක්වීමේදී අමබලන්ගොඩ නගර සභාවට විරෝධතා දෙකක්ද , හික්කඩුව නගර සභාවට විරෝධතා තුනක්ද, බලපිටිය සහ නෙළුව ප්‍රාදේශීය සභාවට විරෝධතා 07 බැගින්ද,  අක්මීමන ප්‍රාදේශීය සභාවට විරෝධතා 4 ක්ද විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කර තිබු අතර මැතිවරණ නීති රීති යටතේ ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්.ටි කොඩිකාර මහතා ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව ඉදිරිපත් කරනු ලැබූ සියලුම නාමයෝජනා පිළිගැනීමට ලක්විය.

 



අදහස් (0)

ගාල්ලේ විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site