IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගාල්ල නාගරික ඉංජිනේරුවරයාට දේශපාලනඥයකුගෙන් බාධා

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු හා මෙවර ද අපේක්ෂකයකු වන පුද්ගලයකු තවත් පිරිසක් සමග පැමිණ තම රාජකාරියට බාධා කළ බවට ගාල්ල මහ නගර සභාවේ නාගරික ඉංජිනේරු ඩී.ජී.මානවඩු මහතා අද (18) ගාල්ල පොලිසියට හා ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.

අනුමත සැලැස්මක් අනුව ඉදිකරන පුද්ගලික තාප්පයක් සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්වයක් ගැන චෝදනා කරමින් හිටපු මන්ත්‍රීවරයා රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කළ බව මෙම පැමිණිල්ලේ සඳහන් වේ.

එම තාප්පය සම්බන්ධයෙන් නගර සභාවට ගම්වාසීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධ මැනුමක් සිදුකිරීමට ද තීරණය කර තිබියදී හදිසියේම පිරිසක් සමග පැමිණි හිටපු මන්ත්‍රීවරයා තම රාජකාරියට බාධා කළ බවත් නාගරික ඉංජිනේරුවරයා සිය පැමිණිල්ලේ සටහන් කර ඇත.



අදහස් (10)

ගාල්ල නාගරික ඉංජිනේරුවරයාට දේශපාලනඥයකුගෙන් බාධා

සපුමල් බණ්ඩාර​ Thursday, 18 January 2018 07:49 AM

මංත්‍රීවරයා ඉදිරිපත් වෙලා තියෙන්නේ ගම්වාසීන් වෙනුවෙන් නේද​? සැලැස්ම අනුමත කරන්න සාක්කුවට​ කීයක් වැටුනද කියලා හොයල බැළුවොත් නරකද​?

:       3       0

Sathyayaa Thursday, 18 January 2018 07:50 AM

දැන් පොලිසිය ගන්නේ කාගේ පැත්තද? පරණ JVP කෝන්තර දැන් මෙතන අදින්නේ නැතුව සාධාරණය ඉටු කරන්න.

:       0       0

daham Thursday, 18 January 2018 09:09 AM

මොන කයිය ගැහුවත් මෙගොල්ලන්ගේත් වෙනසක් නැහැ. අර එක්කෙනෙක් පොලිසියට කඩා පැන්නා. මේ තව එක්කෙනෙක්. ඒ කාලේ කරපු සෙල්ලම් ආයිත් කරන්න හිතිලා වගේ.

:       105       127

Lapaya Thursday, 18 January 2018 10:19 AM

ජම්ම ගතිය.............. උන පුරුකේ දැම්මත් කෙලින් කරන්න බැරි ජාතියක්.

:       106       4

Sanath Thursday, 18 January 2018 10:41 AM

මන්ත්‍රීවරයා ඉදිරිපත් වෙලා තියෙන්නේ ගම්වාසීන් වෙනුවෙන් නේද? සැලැස්ම අනුමත කරන්න සාක්කුවට කීයක් වැටුණද කියලා හොයල බැලුවොත් නරකද? ජ​.වි.පෙ. මංත්‍රීවරයෙක් ඉල්ලීමක් ඉදිරිපත් කළොත් මේ නිළධරීන්ට හොඳටම හිත රිදෙනවා. ඒත් වෙන පක්‍ෂයක කඳ බඩ මහත මන්ත්‍රීවරයෙක් ඉල්ලීමක් කළොත් ඉහලින්ම ඉටු කරලා දෙනවා. නගර සභාවක සේවය කරන නිසා ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.

:       758       535

vernonFriday, 19 January 2018 03:39 AM

ගමේ ඉන්න ලොකුම වාචාලයො පක්ෂෙට ගත්තාම ඔහොම තමයි. කතා කරන්න, පිළිවෙලකට අඳින්න දන්නේ නැති මිනිස්සු. 71 දි 87-89 දි සෙල්ලම් මතක නැත්නම් දැන් දාන වැඩ බලන්න කූඹියෝ ටෙලි නාට්‍යය බලන්න.

:       0       0

සපුමල් බණ්ඩාර Thursday, 18 January 2018 11:14 AM

මංත්රීවරයා ඉදිරිපත් වෙලා තියෙන්නේ ගම්වාසීන් වෙනුවෙන් නේද? සැලැස්ම අනුමත කරන්න පෙර​ ගම්වාසීන් ගැන හිතුවෙ නැත්තේ ඇයි? ජ.වි.පෙ. මන්ත්‍රීවරයෙක් ඉල්ලීමක් ඉදිරිපත් කළොත් මේ නිළධරීන්ට හොඳටම හිත රිදෙනවා. ඒත් වෙන පක්ෂයක කඳ බඩ මහත මන්ත්‍රීවරයෙක් ඉල්ලීමක් කළොත් ඉහලින්ම ඉටු කරලා දෙනවා. නගර සභාවක සේවය කරන නිසා ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.

:       70       0

ගමගේ Thursday, 18 January 2018 04:57 PM

මේවායේ ඉන්නේ බොහොමයක්... උපාධි නොමැති මැති, ඇමතිලා පස්සේ ගොස් පදවි ලබාගත්තු සෙකන්ඩ් ක්ලාස් ඉංජිනේරු අය තමයි...

:       0       1

Kapila Kohobange Thursday, 18 January 2018 05:28 PM

මානවඩු මහතා හොඳ ඉංජිනේරුවරයෙකි. ඔහු නිතරම වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඔහු නිතරම කරන්නේ නිවැරැදි දේවල්..

:       0       0

hesa Thursday, 18 January 2018 05:36 PM

කියන්නේ නම් දූෂිතකම් කරන අය අප ළඟ නැහැ කියලයි. ජාන වෙනස් කරන්න බැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site