IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කැබිනට් සංශෝධනය ඉරිදා - ඇමැති රාජිත

රංජන් කස්තුරි
 
අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා දින සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න අද පැවසීය.
 
 සේනරත්න මහතා එලෙස කීවේ  කළුතර මහ රෝහලේ අද පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
 
නීතිය හා සාමය අමාත්‍ය ධූරය ඔබට හිමි වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා පැවැසුවේ “තිබෙන සාමය හොදයි” යනුවෙනි. සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර  එය ජනාධිපතිවරයාගේ තීරණයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා   පැවැසීය. 



අදහස් (18)

කැබිනට් සංශෝධනය ඉරිදා - ඇමැති රාජිත

Raveendra Friday, 23 February 2018 10:53 AM

වාචාලයා කිව්වොත් වැඩේ හරි. හිවල්ලු ටික හොඳම මස් කෑලි ටික ගන්න පොරකනවා ඇති...

:       32       432

DilFriday, 23 February 2018 01:02 PM

අම්මා දාපු නමේ අකුරක් වැරදියටයි උප්පැන්නේ තියෙන්නේ. හරි නම "පරාජිත" වුණත්, එ්ක මාරු කරලා පාවිච්චි කරන්නේ "රාජිත" කියලයි.

:       10       714

SathyayaaFriday, 23 February 2018 11:16 PM

"ප්‍රහා" යන්නට මුල් වුනෙත් "ප" යන්නක් තමයි එදා මෙයා "ප්‍රහා" තුලින් අප-රාජිත වෙන්න උත්සාහ කළත් ජාතියට අහිමිවුණේ ජාතියේම සම්පත වූ දු දරුවන්. අද ඉහළින් වැජඹුනත් හෙට ප-රාජිත බව වර්තමානයේ කඩතුරාවෙන් කිසිසේත්ම වසා ගත නොහැකි වනු ඇත.

:       0       45

banda Friday, 23 February 2018 10:59 AM

බාල ගිරි දෝෂය අද නොවේ හෙටයි...

:       0       111

Balagiri Friday, 23 February 2018 11:00 AM

අද නෙමේ හෙට !!! ආණ්ඩුවට බාලගිරි දෝෂය. අඩුම තරමේ කැබිනට් එකවත් හදාගන්න බැහැ. තව කොහෙද රට හදන්නේ? අනේ ආතේ, වනේ වාතේ කිව්වලු...

:       7       298

Upali Friday, 23 February 2018 11:06 AM

බාලගිරි ඇමැති මාරුව අද නොවේ හෙටයි.

:       2       153

sirimal Friday, 23 February 2018 11:07 AM

කොයි ඉරිදද ඔය කියන්නේ? දූෂණ සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලැබූ අමාත්‍යවරුන්ට නැවත එම අමාත්‍ය විෂයන් ලබානොදීමට සහ අමාත්‍ය විෂයන් තුළ සාර්ථකවීමට නොහැකිවූ අමාත්‍යවරුන්ගේ විෂය වෙනස් කිරීමට ජනාධිපතිවරයා වැඩ කරනවා නම් වඩා හොඳයි. මෙතෙක් කල් ක්‍රියාත්මක කල ආණ්ඩුවේ වැඩපිළිවෙළ කෙරෙහි ජනතා ප්‍රසාදයක් නොමැති බවට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලින් නිරුපණය වූ බව සිහිතබා ගතයුතු වෙයි. සම්මුති ආණ්ඩුවේ මෙතෙක් කටයුතු කළ කැබිනට් අමාත්‍යවරුන් වෙත එල්ලවී තිබෙන දුෂණ සහ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ ලිපිගොනු එක්තැන් කලාට කමක් නැහැ. ඊට කලින් ඉස්සර ආණ්ඩුවේ අයගේ වැරදි සොයපු කොමිසන් වල නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට වැඩ කළොත් ඇඟට ගුණ වෙන්න පුළුවන්. මෙතෙක් කල් දූෂණ සඳහා දඬුවම් දී ඇත්තේ රජයේ පාර්ශවකරුවන්ට සම්බන්ධ අයට පමණක් වීම සිහිතබා ගතයුතු කරුණක්...

:       1       88

Lapaya Friday, 23 February 2018 11:56 AM

විමල් නම් කිව්වා දෙන්න හොඳ ඇමැතිකම පාර්ලිමේන්තුවේදී නියමෙට... හොඳ කසල ශෝධක ඇමැතිකම තමයි.

:       0       204

rajitha Friday, 23 February 2018 12:15 PM

පච කීම කලාවක් නම් රාජිත එහි පිකාසෝය.

:       0       252

Lakmal Friday, 23 February 2018 01:41 PM

මේක ඉක්මණට කරන්න. පසුදින සිට අපේ රට සුරපුරයක් වෙනවා නියතයි. අනේ මෙහෙමත් නරි නාටක...

:       26       124

minipe Friday, 23 February 2018 04:51 PM

ඔය අරදින්නේ සංශෝදනයක්ට පමණක් නොවේ, තව අමතියාංශ වැඩි කරන්න.

:       0       61

P.de.silva-Canada Friday, 23 February 2018 06:01 PM

මෙම අදහස පළකරන්නේ පක්ෂ පාට දේශපාලනයෙන් තොරව විද්‍යුත් මාද්‍ය කියවන්නෙක් වශයෙනි. මෙය හරියට [අද නොවෙයි හෙට] යනුවෙන් කියවෙන බාලගිරිදෝශය වැනිය. ඇයි හරි තීරණයකට නිගමනයකට නොපැමිණිය හැක්කේ. එතරම් දුර්වල සහ ආත්ම ශක්තියක් මෙම දේශපාලඥයින්ට නැත්තේ මන්ද? ඇති දූෂිත වංචනික ගති සිත්වල ඇති නිසාදෝ යැයි විටෙක සිතෙයි. ඇයි හමුවී සාකච්චා කොට මාද්‍ය ඔස්සේ එකවර රටට නොකියන්නේ. වංචාසහගත කමද නොහැකියාවද? කෙසේවෙතත් කෙසේකිව්වත් රටේ සම්පූර්ණ දේශපාලඥයින් ගත් කල රටට හිත කර කීයෙන් කීයද පිරිසිදු පවිත්‍ර උදවිය ඇත්තේ 25% ප්‍රමානයකටත් අඩුය,කවර කතාද?.

:       0       45

Sathyayaa Friday, 23 February 2018 11:26 PM

කාඩ් කුට්ටම කොපමණ ඇනුවත් කුණු තැවරී ඇදවුන කාඩ් අයත් වන්නේත් ඒ කුට්ටමටමය. ඉස්සරනම් පැවැත්ම අරගලයක් වුයේ පීඩාවට පත් ජනතාවටයි. එහෙත් දැන් දැන් ඒ අරගලය බල අරගලයක් සේ මෝරා ආණ්ඩුවේ කෙසේ හෝ රැඳී සිටින්නත්, හොඳම කැබිනට් අමාත්‍යාංශයක් ලබා ගන්න ඇත්තේ පුදුම පොරයක්. මේ දක්වා ලංකාවේ පාලනය අතට ගත සෑම ආණ්ඩුවක් පාහේ තමා ඇති හැන්දෙන් ඇතිවන්න තමාටම බෙදා ගැනීම කර ඇත. දැන්වත් මොළය කල්පනා කර බුද්ධිමත් දුෂණයෙන් තොර අයට පමණක් ඇමති කම් දෙන්න ජනාධිපතිවරයා පියවර ගතහොට් රට රැකේවී.

:       0       28

sigithi Saturday, 24 February 2018 07:27 AM

අර දෙන්නටම හරියන කෙනා . කට ඇරියොත් පච වරුසාවයි . මරණින් පසු උණු ලෝදිය බොන්න බැරිය හකුරු එක්ක .

:       0       50

sigithi Saturday, 24 February 2018 07:35 AM

බැස්ස නිදි මරයි කිසි හොර කමක් නැති බල්ලා හෙමින් නොගියත් කිසි වැඩක් නැති ඌරා මඩ හැරුමුත් වපුරුමක් නැති හිවලා සිංහ වෙස් ගත්තත් නාද බැරි

:       0       56

ramani Saturday, 24 February 2018 08:23 AM

ඔය තියෙන්නේ කැබිනට් එකක්ද ? එහෙම නැතිනම් අල්මාරියක්ද?

:       0       35

Sampath Saturday, 24 February 2018 11:57 AM

මේ ඉරිදා, ගිය ඉරිදා වාගෙ නොවන්න.

:       0       27

leel gunawardena Sunday, 25 February 2018 12:55 PM

සංශෝධනයක් කැබිනෙට්ටුවේ කරනවා නම් පළමුවෙන්ම කල යුත්තේ රාජිතව යැවීම වඩාත් වැදගත් බවයි මගේ හැඟීම...

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site