IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කොන්දොස්තරවරු දෙන්නෙක් බඳවා ගත්තැයි පැමිණිල්ලක්

(රංජිත් රාජපක්ෂ)

හැටන් ලංගම ඩිපෝවේ කොන්දොස්තර තනතුරු දෙකක් සදහා පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණීල්ලක් කර ඇත.

නාරාහේන්පිට ලංගම ප‍්‍රධාන කාර්යාලයේ ප‍්‍රධාන මානව සම්පත් කළමනාකාරවරයා විසින් 2018.01.03 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දි ඇති බවත් එම පත්වීම් ලබා ගත් කොන්දොස්තරවරුන් දෙදෙනා අද (3) හැටන් ලංගම ඩිපෝවට සේවයට වාර්තා කළ බවත් හැටන් ලංගම ඩිපෝවේ උසස් නිලධාරියකු පැවසීය.

ලංගම ගම්පොළ ප‍්‍රාදේශිය කාර්යාලයේ ප‍්‍රාදේශිය කළමනාකාරවරයාගේ උපදෙස් පරිදි එම සේවකයන් දෙදෙනා අද සිට පුහුණූවිම් කටයුතු සදහා යොදවා ඇති බවත් හැටන් ඩිපෝව කියා සිටී.



අදහස් (10)

කොන්දොස්තරවරු දෙන්නෙක් බඳවා ගත්තැයි පැමිණිල්ලක්

sam Wednesday, 03 January 2018 09:54 AM

කොන්දොස්තරලාට පත්වීම් නොදුන්නොත් ඡන්දෙ ඉවර වෙනකම් බස් එකේ ටිකට් කඩන්නේ මැතිවරණ කොමසාරිස්ද?

:       110       47

Sathya Wednesday, 03 January 2018 10:15 AM

සෑම්ලා වගේ දේශපාලන වහල්ලු නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ... ඇඟිල්ල දිගු කරලා පෙන්නපු වැරැද්ද දකින්නේ නෑ. ඇඟිල්ලේ ඇදය දකිනවා.

:       11       45

samWednesday, 03 January 2018 09:10 PM

සත්‍යා, මම දේශපාලන වහලෙක් වෙන්නේ මොන පක්ෂයේද ?? ඡන්දයක් ප්‍රකාශ කලාම මුළු රටේම සියලුම කටයුතු ඡන්දය වෙනුවෙන් නවත්වා තැබිය යුතුද ?? වසර තිහකට ආසන්න කාලයක් රටින් පිට ජීවත්වන ලංකාවේ ඡන්ද බලය අහිමි, විදේශීය පුරවැසියෙක් වන මම නොව, ඔබ වැනි අය රටේ මේ තත්ත්වයට සුළුවෙන් හෝ සම්මාදම් වන බව නම් පේනවා .

:       13       27

SathyaMonday, 08 January 2018 05:13 AM

මගෙ දායකත්වය මොකද්ද කොහොමද කියල මගේ හිත දන්නවා. ඔබට මේ පිලිබඳ දැනුමක් නැත්නම් මේ කරුණු ගැන සොයල බලන්න. හැම රජයේ රැකියාවකටම බඳවා ගැනීමේ පටිපාටියක් කියල දෙයක් තියෙනවා (මුදල් අමාත්‍යංශ වෙබ් අඩවිය බලන්න). මැතිවරණයක් තියෙද්දී මැතිවරණ ආඥා පනතක් තියෙනවා. (මැ කො වෙබ් අඩවිය බලන්න). අවිදිමත්ව රැකියා දෙන එක නවත්වන්නේ එකයි, එතැනදී රටේ සියලු වැඩ නැවැත්තුව කියන්න බෑනේ. විභාග හෝ වෙනත් විදිමත්ව තෝරාගැනීමේ ක්‍රමයකට කරන බඳවා ගැනීම් මැතිවරණ නිසා නවත්තන්නේ නෑ. ඒවා ගැන අවබෝදයක් නැතිව හිතේ තියෙන දේවල් කමෙන්ට් කලාට වැඩක් නැහැ.

:       0       48

rocky Wednesday, 03 January 2018 01:41 PM

කකුල් දෙකේ බූරුවන්ට මෙතන සිදුවී තිබෙන වරද තේරුම් ගන්න අමාරුයි !!!

:       0       65

chinthakaThursday, 04 January 2018 07:04 AM

පැහැදිලිවම... මේ වරද තේරුම් ගන්න පුළුවන් කකුල් හතරේ බූරුවන්ට විතරයි...

:       1       1

බමුණුආරච්චිFriday, 05 January 2018 05:07 PM

ඒකනෙ ඔයාට ඒක තේරුනේ නේද?

:       0       1

සුදත් ශ්‍රී Friday, 05 January 2018 11:05 PM

වෙනත් රටවල ඍජු දේශපාලනවල උසස් පත්වීම් හැර අන් සියළුම පත්වීම් දෙන්නේ ආණ්ඩු මාරු වුණාට වෙනස් වෙන්නේ නැති ජාතික ප්‍රතිපත්තියකට අනුවයි. ලංකාවෙ හැම දේකටම දේශපාලකයෝ ඇඟිලි ගහනවා. ඡන්ද කාලෙට පත්වීම් දීම නවත්වන්නේ ඒකයි. ඡන්දයක් නිසා පත්වීම් හා සුභසාධන කටයුතු අක්‍රීය වෙන ලෝකයේ එකම රට ලංකාව වෙන්න ඇති.

:       0       2

Deepal Nirosh Monday, 08 January 2018 05:25 AM

ඡන්දය ප්‍රකාශ පත් කළ පසු මේ වෙනතෙක් ඇමති තනතුරු දෙකකුත් අතිගරු ජනාධිපතිතුමා ප්‍රදානය කළා. ඉතින් මේ වගේ කොන්දොස්තර තනතුරු දෙකක් දීපු එකේ ඇති වැරැද්ද මොකද්ද? ඔවුන් අනුගමනය කළේ තමනට ඉහළින් දීපු ආදර්ශය. පැමිණිලි කළ අය තාම ජීවත් වෙන්නෙ 2014-2015 සමයේ.

:       0       1

parakkrama Monday, 08 January 2018 02:31 PM

මේ මැතිවරණ කාලයේ ඉදිරිපත් වී ඇති තර්ක නම් මරේ මරු.... තමන් ඇලුම් කරන පක්ෂයේ අයගේ ජයග්‍රහණය වෙනුවෙන් තමයි සෑම තර්කයක්ම ඉදිරිපත් කරන්නේ. කබරගොයාව කොහොම හරි තලගොයා කර ගන්නමයි උත්සාහය. රටේ පවතින නීතිත්, මැතිවරණ කාලයක බලපැවැත්වෙන නීතිත් ගැන විමසිලිමත්ව තර්ක ඉදිරිපත් කරන්නේ නම් නොදැනුවත් අයට නිසි අවබෝධයක් ඇති කැර ගැනීමට අවස්ථාව උදාවනු ඇත. නීති උල්ලංඝනය වීම ගැන කතා කිරීමට පාඨකයාට ඇති අයිතිය පරිදි හරිද? වැරදිද? හොඳද? නරකදැයි විමසිලිමත්ව ප්‍රකාශ කිරීම හොඳයැයි හැඟීමි. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයෙන් පසු ඡන්දදායකයින් බවට පත්වන උසස් පෙළ සිසු දරු පරපුර ගැනද සිතුවොත් හොඳයි නේද? නමුත් සිතට නැගෙන ඕනෑම දෙයක් ඔහේ කියා පෑමෙන් පාඨකයින් බොහෝ දෙනෙකු , තරුණ පරපුර සිතුවිලිවල අතරමං වී කුරුවල්, දෙගිඩියා තත්වයට පත්වීම කණගාටුදායකය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31026 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13151 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site