IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කාන්තා නියෝජනය නොසළකා හැරීමට පක්ෂ නායකයෝ එකඟ වෙති

 

රංජන් කස්තුරි

 

පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී නිතියෙන් අනිවාර්ය කර  තිබෙන සියයට 25 කාන්තා නියෝජනය නොසළකා  හැරීමට  දේශපාලන පක්ෂ නාකයෝ පොදු එකඟතාවයකට එක්ව සිටිති.

පළාත් පාලන ආයතනවල අනිවාර්ය කාන්තා  නියෝජනය ප්‍රායෝගික ගැටළු රැසක් නිර්මාණය කර තිබෙන හෙයින් ඊට විසඳුමක් ලෙස ඇතැම් සභා ස්ථාපිත කිරිමේ දී කාන්තා නියෝජනය නොසළකා කටයුතු කිරිමට පක්ෂ නායකයින් තීන්දු කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති දේශපාලන පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළැඹ ඇති අතර  පක්ෂ නායක නායකයින්ට අමතර  මැතිවරණ කොමිෂන්  සභාවේ සභාපති, සාමාජිකයන් නීතිපති හා නිතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වී තිබේ.



අදහස් (13)

කාන්තා නියෝජනය නොසළකා හැරීමට පක්ෂ නායකයෝ එකඟ වෙති

gunarathna Tuesday, 20 February 2018 04:01 AM

අනේ වාසනාවන් මේ වගේ මීහරක් දේශපාලුවෝ වෙන ලෝකේ කිසිම රටක නැතුව ඇති. තව ටික දවසකින් කියාවි...දැන් එතකොට කාන්ත නියෝජනය නැහැ කියල අහෝසි කරපු නාමයෝජනා වලට මොකද වෙන්නේ.

:       21       250

Ruwan Tuesday, 20 February 2018 04:18 AM

මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්න එපා.!

:       0       1

රංග Tuesday, 20 February 2018 05:05 AM

එතකොට අර කල් ඉකුත් වූ පළාත් සභා පවත්වන්න තිබ්බ කාලෙ දික් කරල දඩි බිඩියෙ සම්මත කරගත්තෙ අහවල් එහෙකට ද? ප්‍රජාතන්ත්‍රවාදෙට ද? එතකොට ඒවටත් මේක පාවිච්චි කරනව ද?

:       0       129

sugath Tuesday, 20 February 2018 05:11 AM

මේක ඉස්සරහට දාගෙන නේද පළාත් සභා ඡන්දෙ කල් දැම්මේ? කනකොට කබරගොයත් තලගොයා වෙනවා වගේ.

:       0       116

sisili Bisili Tuesday, 20 February 2018 05:28 AM

එක වෙලාවකට නීති ගේනවා, අනිත් වෙලාවට එපා කියනවා. මොන විහිලුවක්ද? වාහන දඩ වලටත් මේකම උනානේ. රටේ පාලනයක් නෑ වගේ. එක එක වෙලාවට එක එක කතා.

:       0       200

sampath Tuesday, 20 February 2018 08:03 AM

මේක ඉතා හොද තීරණයක් කාන්තාවක් වීම නිසා අනිවාර්ය කරන්න බැහැ ජන්දෙන් දිනපු කෙනෙක් නැතිව නොදිනපු කෙනෙක් කාන්තාවක් වීම නිසාම තේරීමක් කරනවානම් එක අසමාන ලෙස සැලකීමක් ඒ වගේම ජන්ද දායකයන්ට වන අසාධාරනයක්.

:       31       210

PerakumTuesday, 20 February 2018 03:49 PM

සම්පත්ගේ අදහසට මම 100%ක් එකඟයි. මේක තනිකරම මූලික අයිතිවාසිකම් උල්ලඝනය කිරීමක්.

:       43       16

udaya Tuesday, 20 February 2018 10:01 AM

ඕකට ප්‍රධාන හේතුව සාමාන්‍ය පෙළ වත් සමත් නැති ටිකක් දියවන්නාවේ සිටීම.

:       0       0

SL Tuesday, 20 February 2018 10:08 AM

දැන් බලාගන්න පුළුවන් මේ තීරණයට විරුද්ධව උසාවි යන්නේ කියලා.

:       0       0

Ane habeta Tuesday, 20 February 2018 03:54 PM

මේකෙන් නැවතත් පෙන්වන්නේ අපේ ලංකාවේ අයියලා ටිකට හරියට වැඩක් කරගන්න බැහැ කියලා, ආණ්ඩුව තටමලා වැඩක් කළොත් කොහේහරි තැනක කචල් එකක් තියෙන්නේ.. ලැජ්ජාවේ බැහැ. ඊට පස්සේ .. කරපු ඔක්කොම එහෙන් මෙහෙන් අකුලාගන්නවා. වෙන රටවල් එක්ක බැලුවහම පව් අපේ රට.. එකම තැන කියලා හිතෙනවා.

:       1       1

ගුණවර්ධන Tuesday, 20 February 2018 08:54 PM

රට පාලනය කරන්නෙත් ඔහොමනේ ඉතින්‍ ..

:       0       39

සන්දීපනී Wednesday, 21 February 2018 06:40 AM

කොහොමත් කාන්තාවන් මොන තනතුරට ආවත් පොඩ්ඩක් එතන අනාගෙන නාගන්නවා. මම පහුගිය අවුරුදු වල අත්දැකීමෙන් කියන්නේ.

:       15       3

chithrananda Thursday, 22 February 2018 12:10 AM

මේ පුවත තනිකර බොරුවක්.එහෙම දෙයක් සාකච්චා වෙලා නැහැ.මිනිස්සු නොමග යවන්න එපා කරුණාකරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31029 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13157 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 16 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 872 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 259 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site