IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


එජාප අපේක්ෂකයන් ගැන පළාත් මන්ත්‍රී දන්නෙත් නැතිලු

(කාංචන කුමාර ආරියදාස)

‘‘එක්සත් ජාතික පක්ෂයෙන් දඹුල්ල මහ නගර සභාවට හා දඹුල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයන් කවුරුන්ද යන්න මම තවමත් දන්නෙ නෑ... මම  ඒ අයට උදව් කරන්නේ ෆේස්බුක්  දැකලා‘‘ යැයි එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් පවසයි.

දඹුල්ල මහ නගර සභාව සහ දඹුල්ල ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයන් හෝ ලයිස්තුවෙන් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයා කවුරුන්ද යන්න තමන්ට තවමත් ආසන සංවිධායකවරයා විසින් දැනුම් දී නොමැති බවත් තිස්ස බණ්ඩාර හේරත් මහතා කියා සිටී.

තරග කරන අපේක්ෂකයන් පිළිබඳව තමන් දැනුවත්  වුයේ සමාජ ජාලා වෙබ් අඩවි හා ෆේස්බුක් වලින් බවත් බෝහෝ  අපේක්ෂකයන් තමන්ගේ සහයෝගය ඉල්ලා සිටින්නේ  ෆේස්බුක් හරහා බවත් ඒ අනුව එම අපේක්ෂකයන්ට සහයෝගය ලබාදීම සිදුකරන බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතා විසින් මෙතෙක් අපේක්ෂක නාම ලේඛනයක් තමාට ලබා නොදීම නිසා අපේක්ෂකයන්  ජයග්‍රහණය කරවීම සඳහා බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පා ඇති බවද පළාත් සභා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අපේක්ෂක ලැයිස්තුව සකස් කිරීමේදී හෝ පළාත් සභාව නියෝජනය කරන එකම එක්සත් ජාතික පක්ෂයේ  දඹුල්ල ආසනයේ මන්ත්‍රීවරයා වූ තමාගේ කිසිදු සහයෝගයක් ලබා නොගැනීම නිසා ද තමන් බලවත් සිත් තැවුලට පත්ව සිටින බවද කීය.

මේ පිළිබදව දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ එවැනි නාම ලේඛනයක් කිසිම අයකුට ලබාදී නොමැති බවත් සියලුම අපේක්ෂකයන් එක්ව පැය තුනක වැඩමුළුවක් පැවැත් වූ බවත්ය. ඊට තිස්ස බණ්ඩාර හේරත් පළාත් සභා මන්ත්‍රීවරයා ද පැමිණ සිටි බවත් එදින සියලුම අපේක්ෂකයන්ගේ නාමලේඛනය ප්‍රදර්ශනය කර තිබුණු බවත් ඔහු කීවේය.



අදහස් (9)

එජාප අපේක්ෂකයන් ගැන පළාත් මන්ත්‍රී දන්නෙත් නැතිලු

sahan Tuesday, 02 January 2018 07:02 AM

ඕක තමා විකාර පොරවල් පළාත් සභාවට යැව්වම වෙන්නේ, උන්ට උතුර දකුණ මාරු වෙනවා

:       0       462

Sathyayaa Tuesday, 02 January 2018 10:03 AM

එහෙනම් මෙයා පක්ෂයේ මහතැන් ලා බැඳුම් කාරයෙන් ගහපු වාර්තා සහගත ගැහිල්ල ගැනවත් දන්නේ නැතුව ඇති. යකඩෝ ! බලන් යනකොට මොකවත් දන්නේ නැති මිනිසුන්ගෙන් නේ පළාත් සභා හා පාර්ලිමේතුව දවස ගානේ පිරෙන්නේ. පය ගහල ඉන්නේ ලංකාවේද කියල දන්නෙත් නැති විදියටයි වැඩ කරන්නේ.

:       245       737

Rasi Wednesday, 03 January 2018 12:49 AM

ඔය පාට පාට අය කොහොමත් පක්ෂෙට චන්දෙ දෙනවා මිසක්, එකේ ඉන්න එවුන් මොනවා කලත් දන්නෙත් නැහැ, දැනගන්න උවමනාවකුත් නැහැ . ඕක තමා ලනකාවේ දේශපාලනේ තත්වේ.

:       9       1

Jahamanayaa Wednesday, 03 January 2018 04:58 AM

මෙයා හිතාන ඉන්න ඇති පවුලේ කට්ටියවම දාගන්න. ඒක බැරි වුනාම අදුරන්නේ නැතිලු.

:       3       1

ත්‍රීවීලර්කාරයා Thursday, 04 January 2018 04:14 AM

පක්ෂ සංවිධායකවරුන්ගේ වගකීම වන්නේ ජනතාවට සේවයක් කළහැකි වගකීමක් දැරිය හැකි පුද්ගලයකු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමයි. එක පක්ෂයකින් කසිප්පු පෙරන්නෙක් , තවත් පක්ෂයක ඉදිරිපත්වී ඇති පුද්ගලයෝ කවුද කියා දන්නේ නෑ. මේ අයගෙන් වැඩක් වෙයිද. වෙන්නේ එකම දෙයයි, සභාවේ කොන්ත්‍රාත් ටික බෙදා ගන්න බැරිව මරා ගන්න එකයි. අනෙක තමයි රජයේ සේවකයො ඉන්නේ මේ වැඩ කරන්න නොවෙයිද. පාරක් අලුත්වැඩියා කරන්න, ඇල වේලි ටික අලුත්වැඩියා කරන්න මේවා රජයේ සේවකයන්ගේ වැඩ නෙවෙයිද. ඒ අයට පඩි දීලා නිකන් තියාගෙන.

:       0       0

ත්‍රී වීලර්කාරයා Thursday, 04 January 2018 04:31 AM

අපේ රටේ මොනයම් ක්‍රමයකට හෝ රජයේ වැඩක් කරගැනීමට පුද්ගලයකු බඳවා ගත්තොත් එය පරිපාලනය සම්බන්ධ තනතුරකට. රටේ නිෂ්පාදනයට සම්බන්ද තනතුරක් ගැන අහන්න ලැබෙන්නේ නැති තරම්. ඉංජිනේරු උපාධිය අරගෙන ඉංජිනේරු වැඩ නෙවෙයි කරන්නේ. කොහොම හරි රාජ්‍ය පරිපාලන විභාගය පාස් කරලා අමාත්‍යාංශ ලේකම් කෙනෙක් වෙන්න තමයි බලන්නේ. හිතල බලන්න රාජ්‍ය සේවයේ 95% ක් විතරම ඉන්නේ පරිපානයට සම්බන්දව සේවය කරන අය නේද. මේ දේශපාලන රාමුව තුල අපි සදාකාලික හිගන්නෝ. ත්‍රීවීලර්කාරයා හයර් එක යන ගමන් මහත්තයෙක් මේ විදියටයි අදහස් ප්‍රකාශ කලේ.

:       0       3

Bamunuarachchi Friday, 05 January 2018 03:00 AM

ඔයාලගෙ දකුණු අත කරන දේ වම අත දන්නේ නැති පක්ෂයක්

:       61       44

KANDEPOLA Friday, 05 January 2018 10:50 AM

ඉතාම අකාර්යක්ෂම දුර්වල මන්ත්‍රීවරයෙක්. මීළඟ ඡන්දෙදි ගෙදර යැවිය යුතුයි. පක්ෂේ ඇතුලත සිදු වෙන දේවල් නොදන්නා කෙනා තම ආසනයේ සිදු වෙන දේවල් දැන ගනීද? එවිට මුකුත් නොදන්නා බබෙකුට මහජනයාට සේවය කල හැකිද?

:       7       0

mugunuwela anuruddha Sunday, 07 January 2018 03:44 PM

අපි දඹුල්ලෙ උපන් අය... මෙහෙම මන්ත්‍රී කෙනක් ඉන්නබව අදයි දන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31027 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13152 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site