වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිස්ති‍්‍රක්කයේ දෙවන අදියරේ පළාත් පාලන ඡන්දය සඳහා නගර සභා දෙකකට සහ ප‍්‍රාදේශිය සභා 06 කට නාම යෝජනා භාර ගැනිම අද (21) අම්පාර දිසාපති කාර්යාලයේදි සිදුකරනු ලැබිය.
මෙම පළාත් පාලන ආයතන වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 15 ක් සහ ස්වාධීන කණ්ඩායම් 13 නාම යෝජනා භාරදි තිබෙන බව අම්පාර දිසාපති තුසිත පි වනිගසිංහ මහතා පැවසීය.
මෙම නාම යෝජනා වලින් කල්මුනේ මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරන ලද නාම යෝජනා දෙකක් ප‍්‍රතික්ශ්ප වි තිබේ.
කල්මුනේ මහ නගර සභාව සඳහා පක්ෂ 09 ක් සහ ස්වාධීන කණ්ඩායම් 06 ක් නාම යෝජනා දි තිබේ. තිරුක්කෝවිල් ප‍්‍රාදේශීය සභාව සඳහා පක්ෂ 07 ක් නාම යෝජනා දි ඇති අතර නින්දවුර් ප‍්‍රාදේශිය සභාව සඳහා පක්ෂ හතරක් සහ ස්වාධීන කණ්ඩායම් තුනක් නාම යෝජනා ඉදිරිපත් කර ඇත.
අම්පාර නගර සභාව සඳහා පක්ෂ 05 ක් නාම යෝජනා ඉදිරිපත් කර ඇති අතර එක් ස්වාධීන කණ්ඩායමක් ද නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.දමන ප‍්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 05 ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.
එම සභාවට ද එක් ස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා ඉදිරිපත් කල අතර උහන ප‍්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 05 ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.එම සභාවට ද එක් ස්වාධින කණ්ඩායමක් නාම යෝජනා ඉදිරිපත් කර ඇත.
මහඔය ප‍්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 05 ක් නාම යෝජනා ඉදිරිපත් කර ඇත. පොතුවිල් ප‍්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 09 ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබිය.
තිරුක්කෝවිල් ප‍්‍රාදේශිය සභාව සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කරන ලද ලැයිස්තුවක අපේක්ෂකයින් දෙදෙනෙකුගේ ආධායම් වාර්තා ඉදිරිපත් නොකිරීම නිසා එම නම් දෙක පමණක් ප‍්‍රතික්ශේප වි තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අම්පාරට පක්ෂ 15ක් ස්වාධීනව 13ක් නම් දෙයි