IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සරසවි ප්‍රේමසිරි මතකාවර්ජන සොඳුරු සැඳෑවේදී

(ආරියරත්න රණබාහු)

සංගීතයෙන් හා නර්තනයෙන් සපිරි සුන්දර සැඳෑවක අසිරිය විඳීමට සාහිත්‍යය රසකාමී කලා ලැදි බොහෝ පිරිසකට ඊයේ (26) සන්ධ්‍යාවේ භාග්‍ය ලැබිණී.

ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය එහි කතානායකයා වූයේ සරසවි පොත් මැදුරේ අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතාය.

ශ්‍රී ලාංකේය ශ්‍රව්‍ය  දෘශ්‍ය කලා නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමිතියේ ජනප්‍රියත්වයේ හා උසස් රසිකත්වයේ මුද්‍රාව සනිටුහන් කළ තැනැත්තා ඔහුය.

එම උත්සවය නම් කර තිබුණේ දසක අටක  ප්‍රේමසිරි මතකා වර්ජන ලෙසය.

ඔහු   ඇතුළු පවුලේ සැම ශාලාවට කැඳවාගෙන ඒමෙන් අනතුරුව උත්සවය ඇරඹිණි.

ඉන් පසු දශක අටක ප්‍රේම සිරි මහතාගේ අතීතාවර්ජනය  එක පෙළට දිග ඇරුණි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති සම්මාණිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා   ප්‍රධාන දේශනය පැවැත්වීය එය ඉතා කදිම හරබර මෙන්ම රසබර එකක් විය   ප්‍රේමසිරි මහතා නිෂ්පාදනය කළ චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කරනු ලැබූ බව සඳහන් කළ මහාචාර්යවරයා ඒවායේ අලාභ ගැනද කිසිදු පැකිලීමකින් තොරව සඳහන් කළේය කෙතරම් අලාභ වුවද ප්‍රේමසිරි මහතා තවමත් තමන් සමග කතාබස් කරන බව හෙතෙම පැවසීය.

"සරසවි ප්‍රේමසිරි  "නමින් බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් රචිත චරිතාපදාන ය කෘතිය ක් කතුවරයා විසින්ම මෙහිදී ප්‍රේමසිරි මහතාට පිළිගන්වන ලදී ඊට අමතරව පියසේන වික්‍රම ගේ මහතා ලියූ  ව්‍යවසායක සිතුවිලි සහ  දීප්ති විජේතුංග මහතා සංස්කරණය කළ එච්. ඩී. ප්‍රේමසිරි සහෘදාභි නන්දනය යන කෘතීන්ද ඔවු.න් විසින්ම ප්‍රේමසිරි මහතාට  පිළිගන්වන ලදභ.

ඉන් පසුව සරසවි අධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් එම ආයතනයේ සේවය කළ  සහ  විවිධ අයුරින් දායකත්වය දැක්වූවන්ට සම්මාන සහ මුදල් තිළිණ පිරිනැමීම සිදු කරන ලදී

ඒ අනුව ප්‍රථමයෙන්ම සරසවි සිනෙරැ නමි වූ ප්‍රේමසිරි මහතාගේ චිත්‍රපට  ආයතනය නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටිය වන බිත්ති හතර චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වූ නිල් අලස් මහතාට මුදල් තිළිණයක් සහ ඇගයීමේ න! සම්මානයක් පිරිනැමිණි .අනතුරුව පියසේන වික්‍රමගේ, රන්ජන් පෙරේරා  ,යසලාල් සේනාරත්න ,බී . කේ අබේසිංහ,යන මහත්වරුන් ටද සම්මාන සහ මුදල් තිළිණ පිරිනැමිණි

මෙදින  එචි ඩී. ප්‍රේමසිරි මහතාගේ ජන්ම දිනය වූ බැවින් ඒ මහතාගේ සරසවි ඳේ පොත් මැදුරුවල සහ අනිකුත් ආයතනවල  සේවක සේවිකාවෝ ද හංවැල්ල මැදි විදුහලේ  මිතුරු සංසදය නුගේගොඩ ව්‍යාපාරික හා ි සහෘද ප්‍රජාව සරසවි සේවක සුභසාධක සංගමය යන ආයතන මගින්ද ඡායාරූප බුද්ධ ප්‍රතිමා ඇතුළු විවිධ  දේව ල් රැසක් සුභ පැතුම් ලෙස ප්‍රේමසිරි මහතාට මහතාට පිරිනැමූහ.

ප්‍රේමසිරි මහතා නිෂ්පාදනය කළ විජයබා කොල්ලය. යශෝධරා .ක්ෂීරසාගරය කැළඹිණි. යනාදී චිත්‍රපටවල කොටස්ද  වරින්වර තිරගත කෙරිණි එම චිත්‍රපටවල  පසුබිම් ගායනා ද සජීව ඉදිරිපත් කළ අතර උරේෂා රවිහාරි ඉන්දිකා අහංගම යන ගායන ශිල්පීහූ එම ගායනා කළහ චන්දන වික්‍රමසිංහ කලා ආයතනයේ නර්තන ශිල්පීන් සමග සෙනාලි ෆොන්සේකා හේමාල් රණසිංහ යන නළු නිළියෝ ද ඊට දායක වූහ.

එම සෑම සියලු අංගයක්ම විචිත්‍රවත් මෙන්ම රසා ලිප්තවිය .

බණ්ඩාර ඇහැලියගොඩ මහතාද ප්‍රේමසිරි මහතා පිළිබඳ ග්‍රන්ථය ලිවීමේදී ඇතිවූ සංවේදනා විස්තර කරනු ලැබිණි අවසානයේ ප්‍රේමසිරි මහතා ඉතාමත් ම කෙටි ස්තූති කතාවකින් පසු එම සොඳුරු සැඳෑව නිමා විය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ සන්නිවේදක  සමන් අතාවුදහෙටිටි මහතා මෙම රසවත් සැඳෑව  මෙහෙයවීය

මෙම අවස්ථාවට ජන මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්ධුලගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප් පෙරුම ඇතුළු මැති ඇමතිවරු ද විවිධ ක්ෂේත්‍රයන්හි කලාකරුවන්  පුවත්පත් කලාවේදීන් ව්‍යාපාරික ප්‍රජාව සහ විවිධ වෘත්තිකයෝ රැසක් ද එක්ව සිටියහ 



අදහස් (0)

සරසවි ප්‍රේමසිරි මතකාවර්ජන සොඳුරු සැඳෑවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29771 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11960 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10886 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 739 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 222 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 872 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site