IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර

 

එක කුස නිවුන් උපතින් එළිකර            ගෙදර

මවු - පිය යුවළකට ගෙන දුන් දිවි        මිහිර

ලැබ ගැනුමට පැමිණි මුල් දින සිප්      සතර

මවකට ඔටුණු නොම වෙද සම්පත්         සතර

පද ආරියසේන හඳුවල

(චමින්ද වැවතැන්න)

එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු  සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.

මාවනැල්ල කරපනේ පදිංචිව සිටින 41 හැවිරිදි එම්,ඒ,ජී, සුමේධ ජයරත්න සහ 37 හැවිරිදි ඩී,ආර්,ඩී, එරන්දි ජයරත්න මවුපියන්ට දාවට උපන් එම්ඒ.ජී. සනුක සංකලන මහආරච්චි, එම්ඒ.ජී සසදි සනුත්මි මහආරච්චි, එම්ඒ.ජී සදසි සනෙත්මි මහආරච්චි සහ එම්ඒ.ජී සදති සදෙව්මි මහආරච්චි යන දරුවෝ මෙසේ පාසලට ආහ.

එම සිවුන් දරුවන් ඇතුළු දරුවන් 175 දෙනකු ඇතුළත් කර ගැනීම මාවනැල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්,ඒ ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කළාය.

පසුව විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විද්‍යාලයේ සේවය කරන ගරුතර මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කොට ආශීර්වාද දරුවන්ට සෙත් පැතූහ.

පසුව සිව් නිවුන් දරුවන් ඇතුළත් කර ගැනීම විදුහල්පතිනිය සිදු කළාය. නවක දරුවන් කිහිප දෙනකුට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මිය හා මාවනැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිරෝෂා ප්‍රියන්ති මහත්මියන්ගේ සුරතින් සංකේතවත්ව පෙල පොත් ප්‍රදානය කෙරිණ.

 



අදහස් (6)

මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර

මැක්ස් Tuesday, 28 March 2023 04:32 PM

වාසනාවන් ආදරණීය දරුවනේ!

:       0       10

විජිත් Tuesday, 28 March 2023 05:16 PM

ආදරණිය දරුවනේ,ඔයගොල්ලෝ අද ජිවිත පොතේ අලුත්ම පිටුවක් ආරම්භ කරන්නයි මේ යන්නේ.ඒ යන ගමනට චුටි අත්වැලක් වේ යයි සිතන දෙයක් මම මේ ඔයාලාට කියන්න යන්නේ. අපි හිතමු අපේ ජිවිත කාලය අවුරුදු 80 යි කියලා. එතකොට ..අපේ පාසල් ගමන යන්න තියෙනවා අවුරුදු 12 ක් විතර. අපිට ජීවිතයේදී මුහුනදෙන්නවෙන දුක,වේදනා,අගහිඟකම් ,ඒ වගේම සතුට සමබරව විඳගෙන ,කාගෙන් හොඳ හිත දිනාගෙන ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙනගෙන ( අධ්‍යාපනය සහ බාහිර ක්‍රියාකාරකම් ) විභාග සමත්වෙලා ,සමාජයට වැඩදායක පුරවැසියන් වුනොත් ..ජිවිත කාලයේ අවුරුදු 65 ක් විතර ඔයාලාට සතුටින් ජීවත්වෙන්න පුළුවනි. ඔබේ ජිවිත වලට නිරෝගිබව , උගත්කම, අවංකබව ,සහ නිහතමානිබව කියන මහඟු ආභරණ තිබෙන තාක්කල් ඔබව වට්ටන්න කාටවත්ම බැහැ.හැබැයි . ඉගෙනගන්න තියෙන අවුරුදු 12 නාස්තිකරගත්තොත් ඒ කියන්නේ පිස්සු නැටුවොත් . ඔයාලාගේ ජිවිතයේ ඉතිරි අවුරුදු 65 මහා දුක්බර කෙදවාචකයක් වෙන්න තිබෙන ඉඩ කඩ වැඩයි.ඒ නිසා අද පටන්ගන්න මේ අලුත් ජීවිතය වාසනාවන්ත එකක්ම කරගන්න නිතරම සිතට ගන්න, මම දන්නවා ඔයගොල්ලන්ට එය කරන්න පුළුවන් කියලා.වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් මගෙනුත්. " හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී "

:       0       18

බකසුමන Wednesday, 29 March 2023 12:47 AM

අනේ වාසනාවන්. වාසනාවන්ත දෙමව්පියෝ දෙන්නෙක්. දරුවනේ හොඳින් ඉගෙගෙන රටට, ජාතියට, ආගමට වැඩදායි පුරවැසියන් වෙන්න වාසනාව, ශක්තිය, ධර්‍ය ලැබේවා... ඔබලාට සුබම සුබ අනාගතයක්.

:       0       10

Hemantha Wednesday, 29 March 2023 07:12 AM

වසනවන්ත දරුවෝ, වසනවන්ත දෙමපියෝ. බුදුසරණයි හෙමෝටම!

:       0       0

Bunny Preena Wednesday, 29 March 2023 09:37 AM

හොඳ යහපත් පුරවැසියන් ලෙස රටට සේවයක් කිරීමට පලමුවරට පාසලට පැමිනෙන සියලුම දරුවන්ට වාසනා ගුන මහිමය ලැබෙවායි මම ප්‍රාර්තනා කරමි.

:       0       5

jagathwana Wednesday, 29 March 2023 10:01 AM

අනේ හරිම ලස්සනයි ... පින්වත් ලමයි 4 දෙනෙක්

:       1       8

ඔබේ අදහස් එවන්න

LD Events

ලොව ප්‍රථම අගමැතිනිය සමරයි
2024 අප්‍රේල් මස 17 1153 0

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්ම


අවුරුද්දට ගමට යන්න කොළඹට මහ සෙනඟක්
2024 අප්‍රේල් මස 10 974 0

කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින සහ රැකියාවල ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් බලා පිටටත්ව යෑමට මේ දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථා


ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත්
2024 අප්‍රේල් මස 06 454 3

ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී අද (06) දින ප


බදුල්ලේ අසිරිය විදින්න කැලිප්සෝ දුම්රියක්
2024 අප්‍රේල් මස 05 3923 8

විදේශීය සංචාරකයන් වෙනුවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ කැලිප්සෝ සංචාරක දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන හා මහමාර්ග, ජනමාධ්‍ය අමාත්‍


නැකතට හිටවන්න අමරවීරගෙන් ලංකාදීපයට පැළයක්
2024 අප්‍රේල් මස 04 645 1

සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


වසන්ත උදානය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 01 1756 2

නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරන සුන්දර නුවරඑළිය වසන්ත උදානයේ සමාරම්භක උළෙල මෙවරත් 22 වෙනි වතාවට අද (01) දින මධ්‍යම පළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site