(ටී.කේ.ජී.කපිල )
අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලය ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හැරිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
මෙම ගුවන් නියමුවරියන් ඇතුළු කාන්තා කාර්යය මණ්ඩලය අද දහවල් 11.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 61 දෙනෙකු රැගෙන , ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් අද උදෑසන 08.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 131 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා , ගුවන් මගීන් 67 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .
මෙම ගුවන් ගමන සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොමු කර තිබූ අතර ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ සහ සහාය ගුවන් නියමුවරිය ලෙස පළමු පියාසර නිලධාරී බිමාලි ජීවන්දර කටයුතු කර තිබුණි .
මීට අමතරව ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් කාන්තා නිලධාරිනියන් 05 දෙනෙකු ද සහභාගී වී සිටියහ . ඔවුන් අතර ගුවන් කාර්යය මණ්ඩල ප්‍රධානී රොෂානී දිසානායක , ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල , ගුවන් සේවිකා ලක්මිණි දිසානායක , ජයකළණි කින්සන් සහ හර්ෂි වල්පොල සිටියහ .
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්ම
කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින සහ රැකියාවල ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් බලා පිටටත්ව යෑමට මේ දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථා
ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී අද (06) දින ප
විදේශීය සංචාරකයන් වෙනුවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ කැලිප්සෝ සංචාරක දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන හා මහමාර්ග, ජනමාධ්‍ය අමාත්
සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාන්තා දිනයදා ලක් කතුන්ගේ වික්‍රමය