IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සාම රාජකාරියට යන STF සෙබළුන්ට යුද හමුදාවෙන් රථ

(ඉන්දිකා රාමනායක)

එක්සත් ජාතීන්ගේ සාම සාදක රාජකාරි සදහා පිටත්වීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන්ගේ ප්‍රයෝජනය සදහා යුද හමුදාව නිෂ්පාදනය කළ විශේෂ රථ හයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතාට පිරිනමනු ලැබීය.

රුපියල් කෝටි 7 1/2 ට ආසන්න මුදලක් වැයකර නිපද වු මෙම රථ හය  කටුබැද්ද යුද හමුදා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු මුලික වැඩපොලේ දී නිෂ්පාදනය කර ඇති බව යුද හමුදාව පවසයි.

මෙම වාහන අතර වටිනා පිරිස් ප්‍රවාහන කරන සන්නද්ධ රථ දෙකක් (APC) , පිරිස් පාලන කරන පොලිස් රථ හතරක් (PCCV) වන යුද හමුදාව පවසයි.

වසර 30 ට අධික කාලයක් පුරා පැවති යුද්ධ හේතුවෙන් යුද හමුදාව භට පිරිස් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය පළමු බෆල් රථය 1980 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති අතර, ශ්‍රි ලංකා යුද හමුදාවේ විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බළකාය විසින් 1984 වසරේ දී යුනිකෝන් මාක් 1 නම් රථය නිපදවා ඇත.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (0)

සාම රාජකාරියට යන STF සෙබළුන්ට යුද හමුදාවෙන් රථ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29778 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11966 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10886 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 740 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 222 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 873 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site